දේශීය

දින 10ක් තුළ ඩෙංගු රෝගීන් 900ක්. පාසල් ළමුන් අවදානමක

ගතවූ දින 10 තුළ පමණක් ඩෙංගු රෝගීන් 900 කට ආසන්න සංඛ්‍යාවක් වාර්තා වී ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසනවා.

සමස්ත ඩෙංගු රෝගීන්ගෙන් 50%කට ආසන්න පිරිසක් බස්නාහිර පළාතෙන් වාර්තා වන බවයි එම ඒකකයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය නලින් ආරියරත්න මහතා පැවසුවේ.

ඩෙංගු රෝගීයට ගොදුරුව ඇති පිරිසෙන් 20%ක් පාසල් ළමුන් බව ඒ මහතා පවසනවා.

පාසල් ළමුන් ආරක්ෂා කර ගැනීම සඳහා දිගින් දිගටම පාසල්වල පිරිසිදු කිරීම් කටයුතු සිදුකරන ලෙස ඒ මහතා ඉල්ලා සිටිනවා.

දිවයින පුරා පවතින වැසි තත්ත්වය හේතුවෙන් ඩෙංගු උවදුර යළි හිස ඔසවමින් පවතින බව වෛද්‍යවරයා පෙන්වා දෙනවා.

සියලු දෙනා එක්ව මදුරුවන් බෝ වන තැන් විනාශ කර අවට පරිසරය පිරිසිදුව තබා ගැනීමට කටයුතු කළ යුතු බව ඔහු අවධාරණය කර සිටියා.

Recent Posts

Protest in Los Angeles Demands Justice for Sri Lankan Garment Worker Pushpalatha

Labour rights activists raise concerns over the death of a Brandix worker during a protest…

4 days ago

ලොස් ඇන්ජලීස්හිදී ශ්‍රී ලාංකික ඇඟලුම් සේවිකාවකට යුක්තිය ඉල්ලා විරෝධතාවක්

Victoria’s Secret විලාසිතා දැක්ම අතරතුර පුෂ්පලතාගේ මරණය ගැන අවධානය යොමු කරයි ඇමරිකාවේ ලොස් ඇන්ජලීස් නුවර…

4 days ago

දිවයින පුරා බිඳ වැටුණු විදුලිය යථා තත්ත්වයට

දේශීය පුවත්නවතම පුවත් කියවීමට මිනිත්තු 1 බෙදාගන්න දිවයින පුරා සිදුවු විදුලි බිඳ වැටීම් යථා තත්ත්වයට…

1 week ago

වේදනාව, පසුතැවීම ඉතිරි කර මහ ඇතාත් යන්න ගිහින්

මෙරට වාසය කළ විශාලතම මෙන්ම උසම හස්තියා ලෙස සැලකුණු, අතිශය ජනාදරයට පත් ‘කාවන්තිස්ස’ හස්තිරාජයා ජීවිතක්ෂයට…

1 week ago