දේශීය

මහින්දෝදය විද්‍යාගාර සංකල්පය මගේ ඒවා හැදුවේ මම මහින්ද ගිහින් විවෘත්ත කරාට ධම්මික පෙරේරා කරන හෙලිදරව්ව

මහින්දෝදය විද්‍යාගාරය තම පුද්ගලික මුදල්වලින් හදලා 2012දී එවකට මහින්ද රාජපක්ෂ ආණ්ඩුවට තැගී දුන් බව ධම්මික පෙරේරා මහතා පවසනවා.

ඒ පාසල් ළමුන්ට උගන්නන්න තමන්ට තිබ්බ වුවමනාව නිසා බවයි ඒ මහතා පෙන්වා දෙන්නේ.

ඩී.පී. එඩියුකේෂන් ආයතනයේ පැවති උත්සවයකට එක්වෙමින් ඒ මහතා මේ බව පැවසුවා.

එදා තමන් හැදූ මහින්දෝදය විද්‍යාගාරය වෙනුවෙන් නම ගහ ගැනිමේ අවශ්‍යතාවක් තමන්ට කිසිසේත් නොතිබුණ බව ඒ මහතා පවසනවා.

එවකට ජනාධිපති මහින්ද රාජපක්ෂ හරහා එවැනි තැන් 1000 ක් හදාගැනීමට තමන්ට අවශ්‍යය වූ බවත් පසුව එය සාර්ථක වූ බවත් ඒ මහතා පෙන්වා දෙනවා.

මහින්දෝදය විද්‍යාගාරයේ සැලැස්ම සහ එයට පරිගණක එකතු කිරීමේ සංකල්පය ද තමන්ගේ එකක් බව බවත් ඔහු ප්‍රකාශ කළා.

ඉගෙනගන්නේ නැතිව සල්ලි හොයන්න හිතන එක මිත්‍යාවක්

අධ්‍යාපනය යනු මිල අධිකම දෙයක් බවත් ලෝකේ කොතැනකවත් එය නිකන් ලබා දෙන දෙයක් නොවන බවත් ඒ මහතා වැඩිදුරටත් පවසනවා.

දුප්පත් පොහොසත් දෙවර්ගය ඇති වන්නේ අධ්‍යාපනය තුළින් බව පවසන පෙරේරා මහතා දුප්පත් කම නැති කළ හැකි එකම එන්නත ද අධ්‍යාපනය බව පෙන්වා දෙනවා.

තමන්ගේ දියුණුවේ රහස නිරන්තර අධ්‍යයනයේ යෙදීම බව පෙරේරා මහතා පවසනවා.

සල්ලි කොච්චර තිබ්බත් දරුවෙකු ඉගෙන ගත්තේ නැත්නම් වැඩක් නැති බව ඒ මහතා ප්‍රකාශ කළා.

සියල්ල රජයෙන් බලාපොරොත්තු නොවී ඒ සඳහා දෙමාපියන් වෙනස් ආකාරයකට සිතා උනන්දු විය යුතු බව මහතා සඳහන් කළා.

තවදුරටත් විස්තර සහිත විඩියෝව පහතින්,

Recent Posts

Protest in Los Angeles Demands Justice for Sri Lankan Garment Worker Pushpalatha

Labour rights activists raise concerns over the death of a Brandix worker during a protest…

4 days ago

ලොස් ඇන්ජලීස්හිදී ශ්‍රී ලාංකික ඇඟලුම් සේවිකාවකට යුක්තිය ඉල්ලා විරෝධතාවක්

Victoria’s Secret විලාසිතා දැක්ම අතරතුර පුෂ්පලතාගේ මරණය ගැන අවධානය යොමු කරයි ඇමරිකාවේ ලොස් ඇන්ජලීස් නුවර…

4 days ago

දිවයින පුරා බිඳ වැටුණු විදුලිය යථා තත්ත්වයට

දේශීය පුවත්නවතම පුවත් කියවීමට මිනිත්තු 1 බෙදාගන්න දිවයින පුරා සිදුවු විදුලි බිඳ වැටීම් යථා තත්ත්වයට…

1 week ago

වේදනාව, පසුතැවීම ඉතිරි කර මහ ඇතාත් යන්න ගිහින්

මෙරට වාසය කළ විශාලතම මෙන්ම උසම හස්තියා ලෙස සැලකුණු, අතිශය ජනාදරයට පත් ‘කාවන්තිස්ස’ හස්තිරාජයා ජීවිතක්ෂයට…

1 week ago