file
තාත්තයි පුතයි වගේ හිටිය තමන් සහ සභාපතිවරයා නරක යාළුවෝ පිරිසක් එකතුවෙලා කේලම් කියලා වෙන්කළ බව දයාසිරි ජයසේකර මහතා පවසනවා.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා මේ බව පැවසුවේ අද (09) කුරුණෑගල පක්ෂ කාර්යාලයේදී සිය පාක්ෂිකයින් අමතමින්.
කිසිවිටක තමන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හැර නොයන බවත් තමන් වරදක් කර නොමැති බවත් මන්ත්‍රීවරයා පෙන්වා දෙනවා.
පක්ෂය වෙනුවෙන් දර දිය ඇදලා පක්ෂයේ තීන්දුවලට එකඟවෙලා පක්ෂයේ නායකයා සමඟ කෙලින් හිටගත්ක තමන් බල්ලෙක් වගේ එළියට ඇදලා දැමූ බව ඒ මහතා පවසනවා.
දයාසිරි මහතාගේ මෙම කතාව අතරතුර ඔහු සන්වේදී වන ආකාරය දක්නට ලැබුණා.
පක්ෂය අතහැර ගොස් ඇමතිකම් ගත්ත අය අද පක්ෂය ඇතුළේ සිටින බවත් පක්ෂය වෙනුවෙන් කැපවූ තමන් එළියේ සිටින බවත් මන්ත්‍රීවරයා ප්‍රකාශ කළා.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් දයාසිරි ජයසේකර මහතාගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවීමට පසුගිය දා කටයුතු කළා.
ඒත් සමඟ එම පක්ෂයේ මහලේකම් ධුරයද දයාසිරි ජයසේකර මහතා ට අහිමිව ගියා.
තවදුරටත් බෙංගාල බොක්කේ නැගෙනහිර-මධ්යම සහ ඊට යාබද ගිනිකොණදිග මුහුදු ප්‍රදේශයේ පැවති පීඩන අවපාතය, ගැඹුරු පීඩන…
පවතින වර්ෂාපතනය හේතුවෙන් දිවයිනේ ජලාශ රැසක ජල මට්ටම් ඉහළ ගොස් ඇතත්, මෙතෙක් ගංවතුර තත්ත්වයක් වාර්තා…
Labour rights activists raise concerns over the death of a Brandix worker during a protest…
Victoria’s Secret විලාසිතා දැක්ම අතරතුර පුෂ්පලතාගේ මරණය ගැන අවධානය යොමු කරයි ඇමරිකාවේ ලොස් ඇන්ජලීස් නුවර…
Sri Lankan Environment Minister responding to questions about the Kavanthissa elephant death
දේශීය පුවත්නවතම පුවත් කියවීමට මිනිත්තු 1 බෙදාගන්න දිවයින පුරා සිදුවු විදුලි බිඳ වැටීම් යථා තත්ත්වයට…