Friday, July 24, 2026
Homeදේශීයපක්ෂයට දර දිය ඇද්ද මම බල්ලෙක් වගේ එලියට ඇදලා දැම්මේ - දයාසිරි සන්වේදී වෙයි.

පක්ෂයට දර දිය ඇද්ද මම බල්ලෙක් වගේ එලියට ඇදලා දැම්මේ – දයාසිරි සන්වේදී වෙයි.

තාත්තයි පුතයි වගේ හිටිය තමන් සහ සභාපතිවරයා නරක යාළුවෝ පිරිසක් එකතුවෙලා කේලම් කියලා වෙන්කළ බව දයාසිරි ජයසේකර මහතා පවසනවා.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා මේ බව පැවසුවේ අද (09) කුරුණෑගල පක්ෂ කාර්යාලයේදී සිය පාක්ෂිකයින් අමතමින්.

කිසිවිටක තමන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හැර නොයන බවත් තමන් වරදක් කර නොමැති බවත් මන්ත්‍රීවරයා පෙන්වා දෙනවා.

පක්ෂය වෙනුවෙන් දර දිය ඇදලා පක්ෂයේ තීන්දුවලට එකඟවෙලා පක්ෂයේ නායකයා සමඟ කෙලින් හිටගත්ක තමන් බල්ලෙක් වගේ එළියට ඇදලා දැමූ බව ඒ මහතා පවසනවා.

දයාසිරි මහතාගේ මෙම කතාව අතරතුර ඔහු සන්වේදී වන ආකාරය දක්නට ලැබුණා.

පක්ෂය අතහැර ගොස් ඇමතිකම් ගත්ත අය අද පක්ෂය ඇතුළේ සිටින බවත් පක්ෂය වෙනුවෙන් කැපවූ තමන් එළියේ සිටින බවත් මන්ත්‍රීවරයා ප්‍රකාශ කළා.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් දයාසිරි ජයසේකර මහතාගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවීමට පසුගිය දා කටයුතු කළා.

ඒත් සමඟ එම පක්ෂයේ මහලේකම් ධුරයද දයාසිරි ජයසේකර මහතා ට අහිමිව ගියා.

READ:   ධර්මය පිළිනොපදින භික්ෂූන් නිසා ශාසනය පිරිහිලා - ජනපති
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්