file
ඉන්දියාව අද (02) සූර්ය ගවේෂණය සඳහා සැරසෙනවා.
ඒ චන්ද්‍රයාන් -3 මෙහෙයුම් යානය සඳ මත ගොඩබස්වා සති කිහිපයක් ගතවෙද්දී.
ඉන්දියාවේ පළමු සූර්ය ගවේෂණ යානය එරට වේලාවෙන් අද පෙරවරු 11.50ට අභ්‍යවකාශ ගත කිරීමට නියමිත බව එරට මාධ්‍ය වාර්තා කරනවා.
දකුණු ඉන්දියාවේ, ආන්ද්‍ර ප්‍රාන්තයේ පිහිටි ශ්‍රී හරිකෝටා අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ දී යානය ගුවන් ගත කිරීමට නියමිතයි.
සූර්යාගේ ක්‍රියාකාරීත්වය සහ පෘථිවියට බලපෑම් කළ හැකි සූර්ය සුළං පිළිබඳව අධ්‍යයනය කිරීම මෙම ගවේෂණයේ අපේක්ෂාව බව පරේෂකයින් පවසනවා.
Aditya L 1 (ආදිත්‍ය) ලෙස මෙම සූර්ය ගවේෂණ යානය නම් කර තිබෙනවා. හින්දි භාෂාවෙන් (ආදිත්‍ය) යනු සූර්යාට කියන නමක් බව සඳහන්.
යානය පෘථිවියේ සිට කිලෝ මීටර් මිලියන 1.5ක දුරකින් ස්ථානගත කර සිය සූර්‍ය මෙහෙයුම සිදුකිරීමට නියමිතයි.
එම ස්ථානයට ගමන් කිරීමට ගවේෂණ යානය සූර්යාට ලඟා වීමට මාස 4ක කාලයක් ගත වන බව වාර්තා වෙනවා.
මෙම ගවේෂණයත් සමඟ සූර්යා පිළ්බඳව ලොව ගවේෂණයේ යෙදෙන රටවල් කිහිපය අතරට ඉන්දියාව ද එක්වෙනවා.
සමූපකාර තොග වෙළෙඳ සංස්ථාවේ (ජාතික සතොස) ප්‍රථම තොග අලෙවි මධ්‍යස්ථානය අද (11) මාතරදී විවෘත කිරීමට…
රඹෑව ප්‍රදේශයේදී බස් 3ක් ගැටී සිදුවූ අනතුරෙන් 5 දෙනෙකු මියගොස් තිබේ. අනතුරට ලක් වුණේ, ලංගම…
One Lie is Small. A Pyramid of Them Looks Like the Truth. By Dinesh Abeywickrama…
කැපිටල් මහාරාජා සභාපති ශෂී රාජ මහේන්ද්‍රන් හා කැපිටල් මහාරාජා සමූහ අධ්‍යක්ෂ ෂෙවාන් ඩැනියෙල් සමඟ ජනපති…
ශ්‍රී ලංකාවේ ජ්‍යෙෂ්ඨ වාමාංශික දේශපාලන ක්‍රියාකාරිකයෙකු සහ ජාතික ජන බලවේගයේ (NPP) විධායක සභික අභාවප්‍රාප්ත ජ්‍යෙෂ්ඨ…
බස්නාහිර, සබරගමුව, මධ්‍යම, ඌව සහ දකුණු පළාත්වල සහ කුරුණෑගල, අම්පාර සහ මඩකළපුව දිස්ත්‍රික්කවල පස්වරු 1.00…