දේශීය

නුවර පෙරහැර යන පාරට කහ දිය වතුර දමන්නේ ඇයි?

මේ දින වල පැවැත්වෙන ශ්‍රී දළදා පෙරහැර ගමන් කරන මාර්ගයට කහ දිය ඉසීමේ සිද්ධියක් වාර්තා වී තිබෙනවා.

එය සිදු කරනු ලබන්නේ ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය විසින් බව සමාජ මාධ්‍යයේ ඇති ඡායාරූපයේ සඳහන් වෙනවා.

file

මෙම කහ දියරය ඉසීමේ පිංතුරය නිසා විවිධ අය විවිධ මත පල කරමින් සිටිනවා.

මේ පිළිබදව අප කල සොයා බැලීමකදී දැනගන්නට ලැබුණේ. චාරිත්‍රයක් විදියට පෙරහැර පැවැත්වෙන සෑම දිනකම පෙරහැර පටන් ගැනීමට ප්‍රථම මාර්ගය දිගේ කහ දියර ඉසීම සිදු කරන බවයි.

පෙරහැර මාර්ගය පවිත්‍රව තබා ගැනීම කහ දියර ඉසීමේ අරමුණ වන අතර පාර දෙපස පිරිසිදු කිරීම, පාර අතුගෑම වැනි කටයුතු ද ඒත් සමග සිදු කරයි.

සුදු පැහැති ඇතිරිල්ලක් එලීමේ චාරිත්‍රය ද පෙරහර මංගල්‍යයක පවිත්‍රතාව වෙනුවෙන් සිදු කරන බව සඳහන්.

පෙරහැර නරඹන අයට පාර හරහා ගමන් කිරීමට ඉඩ නොදෙන අතර පෙරහැර අතරින් ගමන් කිරීමට ද ඉඩ ලබා නොදීමට හේතුවක් වන්නේ පිරිසිදු කළ මාර්ගයේ පවිත්‍ර තාවය පෙරහැර නිමා වන තුරු රැක ගැනීම සඳහා යි.

හින්දු ,කෝවිල් පෙරහැරවලදීත් මෙම චාරිත්‍ර දක්නට ලැබෙන අතර බොහෝ ආගමික කටයුතුවලදී කල්තියා බිමට කහදියර ඉස පිරිසිදු කිරීම සිදුකරයි.

බුද්ධ ප්‍රතිමාව, දේව ප්‍රතිමාව, කරඬුව ආදී පෙරහරින් වැඩම කරවන පූජනීය වස්තූන්ට තම උපරිම ගෞරවය පුද කිරීම මෙම කටයුතුවලින් බැතිමතුන් අපේක්ෂා කරයි.

Recent Posts

ධුරකාලය අවසන් කර ලංකාවට සමු දෙන චීන තානාපති විපක්ෂ නායක හමුවෙලා යන්න එයි

සිය ධුර කාලය අවසන් කර සියරට බලායන චීන තානාපතිවරයා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හමුවෙයි…

10 hours ago

විජේවීරගේ අවසන් පැය 24 -අත්අඩංගුවට ගන්නා විට උලපනේ නිවසේ විජේවීරගේ දරුවන් බලා ගත් ”කළු අක්කා”

රෝහණ විජේවීර අත්අඩංගුවට ගන්නා විට උලපනේ නිවසේ විජේවීරගේ දරුවන් බලා ගත් කේ.කේ. කරුණාවතී(කළු අක්කා), විජේවීරගේ…

10 hours ago

හෙට උදේ පත්තර තිබේවිද? රාත්‍රී ප්‍රධාන පුවත් විකාශය බලයිද? ලෝක මාධ්‍යයේ සිදුවන නිහඬ විප්ලවය

මනෝජ් රත්නායක – මාධ්‍ය විශ්ලේෂණය වසර සියයකට අධික කාලයක් ජනතාවගේ තොරතුරු අවශ්‍යතා සපුරාලූ පුවත්පත්,ගුවන්විදුලි සහ…

1 day ago

“මාලදිවයිනේ බෞද්ධ සංහාරය” – ඉතිහාසයේ අමතක වූ පරිච්ඡේදයක්ද?

"ලෝමෆානු (Loamaafaanu) තඹ සන්නස්වල ඇතැම් පරිවර්තන සහ ඒ පිළිබඳ පර්යේෂණ මත පදනම්ව, මුසල්මානුන් නොවූ, බුදුපිළිම…

1 day ago

සාරනාත් පුරාවිද්‍යාත්මක බෞද්ධ පූජනීය භූමිය යුනෙස්කෝ ලෝක උරුම ලැයිස්තුවට – ඉන්දියාවේ 45 වැනි ලෝක උරුම ස්ථානය ලෙස පිළිගැනේ

වාරණාසි | 2026 ජූලි 27 බුද්ධාගමේ ඉතිහාසයේ අතිශය වැදගත් ස්ථානයක් වන ඉන්දියාවේ උත්තර ප්‍රදේශ් ප්‍රාන්තයේ…

1 day ago

Sarnath Becomes India’s 45th UNESCO World Heritage Site

Varanasi, India | July 27, 2026 The Ancient Buddhist Site of Sarnath, one of the…

1 day ago