file
මේ දින වල පැවැත්වෙන ශ්‍රී දළදා පෙරහැර ගමන් කරන මාර්ගයට කහ දිය ඉසීමේ සිද්ධියක් වාර්තා වී තිබෙනවා.
එය සිදු කරනු ලබන්නේ ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය විසින් බව සමාජ මාධ්‍යයේ ඇති ඡායාරූපයේ සඳහන් වෙනවා.
මෙම කහ දියරය ඉසීමේ පිංතුරය නිසා විවිධ අය විවිධ මත පල කරමින් සිටිනවා.
මේ පිළිබදව අප කල සොයා බැලීමකදී දැනගන්නට ලැබුණේ. චාරිත්‍රයක් විදියට පෙරහැර පැවැත්වෙන සෑම දිනකම පෙරහැර පටන් ගැනීමට ප්‍රථම මාර්ගය දිගේ කහ දියර ඉසීම සිදු කරන බවයි.
පෙරහැර මාර්ගය පවිත්‍රව තබා ගැනීම කහ දියර ඉසීමේ අරමුණ වන අතර පාර දෙපස පිරිසිදු කිරීම, පාර අතුගෑම වැනි කටයුතු ද ඒත් සමග සිදු කරයි.
සුදු පැහැති ඇතිරිල්ලක් එලීමේ චාරිත්‍රය ද පෙරහර මංගල්‍යයක පවිත්‍රතාව වෙනුවෙන් සිදු කරන බව සඳහන්.
පෙරහැර නරඹන අයට පාර හරහා ගමන් කිරීමට ඉඩ නොදෙන අතර පෙරහැර අතරින් ගමන් කිරීමට ද ඉඩ ලබා නොදීමට හේතුවක් වන්නේ පිරිසිදු කළ මාර්ගයේ පවිත්‍ර තාවය පෙරහැර නිමා වන තුරු රැක ගැනීම සඳහා යි.
හින්දු ,කෝවිල් පෙරහැරවලදීත් මෙම චාරිත්‍ර දක්නට ලැබෙන අතර බොහෝ ආගමික කටයුතුවලදී කල්තියා බිමට කහදියර ඉස පිරිසිදු කිරීම සිදුකරයි.
බුද්ධ ප්‍රතිමාව, දේව ප්‍රතිමාව, කරඬුව ආදී පෙරහරින් වැඩම කරවන පූජනීය වස්තූන්ට තම උපරිම ගෞරවය පුද කිරීම මෙම කටයුතුවලින් බැතිමතුන් අපේක්ෂා කරයි.
මාගේ හෘදයාංගම ස්තුතීය ආදරෙන් බාරගන්න… අනුරාධපුර ජනසටන මහරැලියට නාමල් රාජපක්ෂ මහතා විසින් යැවූ සම්පූර්ණ පණිවිඩය…
2026 අයවැය යෝජනා අනුව ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක නගර සංවර්ධනයට නව…
මහියංගනය වියානා ඇළ මාර්ගය මත සූර්ය පැනල සවිකර විදුලිය ජනනය කිරීමේ ශ්‍රී ලංකාවේ ප්‍රථම Canal-Top…
පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන්…
කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ…
COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…