file
2026 අයවැය යෝජනා අනුව ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක නගර සංවර්ධනයට නව ප්‍රවේශයක් තුලින් සැලසුම්ගත ‘Life Cities’ ව්‍යාපෘතියේ පළමු අදියර ඊයේ (11) අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ ප්‍රධානත්වයෙන් සහ ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක මහතා ඇතුළු ආරාධිතයින් රැසකගේ සහභාගිත්වයෙන් බත්තරමුල්ල, Monarch Imperial හෝටල් පරිශ්‍රයේ දී නිල වශයෙන් ආරම්භ කෙරිණ.
ව්‍යාපෘතියේ ජාතික සැලැස්ම විෂයභාර අමාත්‍ය බිමල් රත්නායක මහතා විසින් අග්‍රාමාත්‍යතුමිය වෙත නිල වශයෙන් පිළිගැන්වීම ද මෙහි දී සිදුවිය.
මීට සමගාමීව 2026 වර්ෂය සඳහා තෝරාගත් නගර දහය නියෝජනය කරමින් පැමිණි පලාත් පාලන ආයතන ප්‍රධානීන් වෙත ද ව්‍යාපෘති සැලැස්ම පිරිනැමීම ද සිදුකෙරිණ.
‘Life Cities’ 2026 වසර සඳහා ඉදිරිපත් කරන ලද රජයේ අයවැය යෝජනාවලිය යටතේ හඳුන්වා දුන් නාගරික සංවර්ධන ත්ෂේත්‍රයේ විධිමත්, ප්‍රමුඛතාගත සහ දත්ත මත පදනම් වූ ප්‍රවේශයක් ප්‍රවර්ධනය කිරීම අරමුණු කරගත් මූලික වැඩසටහනකි.
මෙම වැඩසටහන මගින්, පසුගිය කාලයේ ප්‍රමාණවත් සැලසුම්කරණයක්, ශක්‍යතා ඇගයීම් හා ආයතන අතර සම්බන්ධීකරණයක් නොමැතිව ක්‍රියාත්මක වූ නාගරික සංවර්ධන කටයුතු හේතුවෙන් ඇති වූ ගැටළු නිරාකරණය කිරීම අපේක්ෂාවයි.
‘Life Cities’ වැඩසටහනින් 2026 වර්ෂයේ දී යාපනය, මාතර, මඩකලපුව, බදුල්ල, මාතලේ, තඹුත්තේගම, වව්නියාව, හැටන්, හලාවත සහ ඇහැලියගොඩ යන නගර සංවර්ධනය කෙරේ. එමෙන් ම මෙම ව්‍යාපෘතිය යටතේ 2027 වර්ෂය සදහා දෙහිවල, කළුතර, පානදුර, මතුගම, ගාල්ල, කෑගල්ල, බණ්ඩාරවෙල, කල්මුණේ, අකුරැස්ස, කුරුණෑගල, පුත්තලම, නාත්තන්ඩිය, රත්නපුර, ත්‍රිකුණාමලය, කන්තලේ සහ ඇල්ල යන නගර ද තෝරාගෙන ඇත.
මෙම වැඩසටහනේ ප්‍රධාන අරමුණ වන්නේ ජාතික ප්‍රතිපත්ති සමග සංවර්ධන ක්‍රියාමාර්ග සම්බන්ධ කිරීම, පහසුකම් හා සේවා සැපයුම වැඩිදියුණු කිරීම, ආර්ථික අවස්ථා වැඩිදියුණු කිරීම සහ සංචාරක ආකර්ෂණය වර්ධනය කිරීම මගින් කාර්යක්ෂම, තිරසාර හා ආයෝජන සඳහා සුදුසු නගර මධ්‍යස්ථාන නිර්මාණය කිරීමයි.
‘Life Cities’ වැඩසටහන දියත් කිරීමෙන් අනතුරුව සිය අදහස් දැක්වූ බිමල් රත්නායක අමාත්‍යවරයා :
‘රටේ ඉහළම ප්‍රතිපත්ති සම්පාදකයින් රැසක් සහභාගිවී සිටින මේ මොහොත විශේෂ අවස්ථාවක් ලෙස සලකනවා. ජාතික ජන බලවේග ආණ්ඩුව සංවර්ධනයේ දී සැලසුම්කරණය තිරසරව ක්‍රියාත්මක කිරීම ගැන හිතනවා.
නගර කියන්නේ බිල්ඩින්වලට බියවන මිනිසුන් සිටින තැනක් නොවිය යුතුයි. ලෝකයේ ආරම්භක නගර නිර්මාණය වී තිබෙන්නේ සැනසිල්ලේ ජීවත් වීමටයි. ඒගැන වර්තමානයේ වෙනම විවාදයක් තියෙනවා. රටේ කුමන ප්‍රදේශයක සිට නගරයට පැමිණියත් නගරයේ ජීවත්වීමේදී යුනික් එකක් හැදෙනවා. ගමක එහෙම නොවෙයි. ලේ ඥාතීත්වය මත නගර හැදෙන්නේ නෑ. නගරය වෙනම ම ජීවිතයක්. නගරයකට එක ඩීඑන්ඒ එකක් අවශ්‍යයි. ලංකාවේ නාගරික සංවර්ධනය සෑහෙන දුරක් ඇවිත් තියෙනවා. වර්තමානයේ නගරවල ජීවත් වෙන්නේ පිටස්තරයො විදියට. නගරවල සිටිසන් වෙලා නොවෙයි ඉන්නෙ. නමුත් තිරසර නගර නිර්මාණයත් එක්ක ජනතාව නගරය අත්පත් කරගන්න ඕනි. නාගරීකරණය සස්ටේනබල් වෙන්නත් ඕනි. මේ නගර සංවර්ධන ව්‍යාපෘති කොහේ හරි පිට්ටනියක හදන්න යනවා නෙමෙයි. අපි නිර්මාණය කරන්නේ ජනතා කේන්ද්‍රීය නගර සංවර්ධනයක්.
නගර සංවර්ධනයට රුපියල් මිලියන 65,000 ක් යොදවනවා. හැම නගරයකම දෙපයින් සිටගන්න පුළුවන් අයිතිය තියෙන්න ඕනි. ආණ්ඩුව විදියට අපි නූතන, ප්‍රගතිශීලී නාගරික දැක්ම අනුව කටයුතු කරනවා. සමානාත්මතාවයෙන් නගරයක ජීවත්වීමේ අයිතිය තහවුරු කළ යුතුයි. රටේ නාගරික සංවර්ධනයත් සමග නාගරික සැලසුම්වල වැදගත් සිද්ධාන්ත ගමටත් යොදාගත හැකිවෙනවා. චීනයේ ඩිමොක්‍රටිස් විලේජ් තිබෙනවා. ප්‍රජාතන්ත්‍රවාදී ගමක් හැදෙන්න ඕනි. ගමටත් නූතන නාගරික සංකල්ප ගේන්න. ප්‍රජාතන්ත්‍රවාදය සහ අනාගත ඉලක්ක සහිත ජනතාව තුල විශ්වාසය ඇති කරන්න කටයුතු කල යුතු වෙනවා.
නිල වශයෙන් ආරම්භ කළ නගර 10 තුල ව්‍යාපෘති 223 ක් හඳුනාගෙන තිබෙනවා. ඒවා පෙරහැරේ කසකාරයො වගේ. අද පටන් එම ව්‍යාපෘති ඵලදායී ලෙස ක්‍රියාත්මක කිරීමේ වගකීම ඔබ සැමට තියෙනවා. ඒ සදහා ටයිම් ලයින් එකකට වැඩ කිරීම අවශ්‍යයි. සංවර්ධනය, ජනතාව පිළිගන්න, විශ්වාසය ඇති කරන ක්‍රමවේදයක් ඔස්සේ කලයුතු වෙනවා. ආණ්ඩුව විදියට කිසිදු අඩුවකින් තොරව ප්‍රතිපාදන ලබාදෙනවා. 2027 වසරට රුපියල් මිලියන 15,000 ක් ලබාදෙනවා. මේ ව්‍යාපෘතිය අදියරෙන් අදියර වසර 10 ක් පුරා ක්‍රියාත්මක ව්‍යාපෘතියක්. රටේ මිනිසුන්ගේ මුදල් හැම සතයක්ම රටේ සංවර්ධනයට උපරිම ඵලදායිතාවයෙන් යොදාගැනීමට ක්‍රියාකල යුතුයි. මේ හා සමගාමීව මේ ව්‍යාපෘතිය හා බැඳුණු ආයෝජන අවස්ථා ද ඇතිකර ගැනීමේ පුළුල් වැඩපිළිවෙලකට අනුගත වී දිගුකාලීන ප්‍රතිලාභ ලබාගැනීම වෙනුවෙන් කැපවන මෙන් ලෙස ඉල්ලා සිටිනවා.’
මෙම අවස්ථාවට ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය මහාචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි, නිවාස, ඉදිකිරීම් හා ජල සම්පාදන අමාත්‍ය වෛද්‍ය සුසිල් රණසිංහ, ධීවර හා ජලජ සම්පත් අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකරන්, මාතර මහ නගර සභාවේ නගරාධිපති කේ.එස්. ජයන්ත පතිරණ, මඩකලපුව නගරාධිපති ශිවම් පක්කියනාදන්, මාතලේ නගරාධිපති අශෝක අජිත් කොට්ටහච්චි, වව්නියාව නගරාධිපති සුන්දරලිංගම් කන්දීපන්, යාපනය නගරාධිපති එමානුවෙල් කයාලන්, හලාවත නගරාධිපති ජේ.කේ.එස්.එන්.එස්. පෙරේරා, හැටන්-දික්ඔය නගරාධිපති අශෝක කරුණාරත්න, තලාව ප්‍රාදේශීය සභාවේ සභාපති කරුණාදාස දිසානායක, ඇහැලියගොඩ ප්‍රාදේශීය සභාවේ සභාපති බන්දුලසේන දුණුවිල, ඌව පලාත් ප්‍රධාන ලේකම් අනූෂා ගෝකුල යන මහත්ම මහත්මීහු සහ පලාත් ආණ්ඩුකාරවරු, පලාත් ප්‍රධාන ලේකම්වරු, දිස්ත්‍රික් ලේකම්වරු, ඇතුළු ජ්‍යෙෂ්ඨ රාජ්‍ය නිලධාරීහු සහ කාර්ය මණ්ඩල එක්ව සිටියහ.
– ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යංශය
මහියංගනය වියානා ඇළ මාර්ගය මත සූර්ය පැනල සවිකර විදුලිය ජනනය කිරීමේ ශ්‍රී ලංකාවේ ප්‍රථම Canal-Top…
පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන්…
කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ…
COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…
ආසියාවේ තරුණ පරම්පරාව තුළ මෑත කාලීනව මතුවූ සමාජ හා දේශපාලන නැගිටීම් සහ ඒවා සඳහා සමාජ…
සුභාෂිණී සේනානායක, නිමල් රාජපක්ෂ පොදු ප්‍රවාහන සේවාවේ ප්‍රධාන භූමිකාවක් ඉටු කරන ලංගම තවදුරටත් ශක්තිමත් කිරීමට…