දේශීය

ශ්‍රී ලංකාවේ ප්‍රථම Canal-Top Solar ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට මූලික සාකච්ඡා ඇරඹේ

මහියංගනය වියානා ඇළ මාර්ගය මත සූර්ය පැනල සවිකර විදුලිය ජනනය කිරීමේ ශ්‍රී ලංකාවේ ප්‍රථම Canal-Top Solar නියමු ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය මූලික ශක්‍යතා අධ්‍යයන සහ ඉදිරි කටයුතු කඩිනමින් සිදු කිරීමට රජය අවධානය යොමු කර තිබේ.

ඒ සම්බන්ධයෙන් විශේෂ ප්‍රගති සමාලෝචන සාකච්ඡාවක් වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා සහ බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා (09) පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැත්විණි.

මෙම ව්‍යාපෘතිය සම්බන්ධයෙන් මූලික ක්ෂේත්‍ර නිරීක්ෂණයක් පසුගිය ජූලි 20 වන දින මහියංගනය වියානා ඇළ ආශ්‍රිතව සිදුකර තිබූ අතර එහිදී හඳුනාගත් කරුණු සහ ව්‍යාපෘතිය ඉදිරියට ගෙන යාම සඳහා ගත යුතු පියවර පිළිබඳව  පසුගියදා පැවති සාකච්ඡාවේදී අවධානය යොමු කෙරිණි.

සාමාන්‍යයෙන් භූමිය මත සූර්ය බලාගාරයක් ඉදිකිරීමේදී විශාල ඉඩම් ප්‍රමාණයක් අවශ්‍ය වන නමුත්, ඇළ මාර්ගයට ඉහළින් සූර්ය පැනල සවිකිරීම මගින් අමතර භූමි ප්‍රමාණයක් අත්පත් කර ගැනීමකින් තොරව පුනර්ජනනීය බලශක්තිය නිෂ්පාදනය කිරීමේ හැකියාව පවතින බව වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා පැවසීය.

“සූර්ය බලාගාරයක් පොළොව මත ඉදිකිරීමේදී විශාල ඉඩම් ප්‍රමාණයක් අවශ්‍ය වෙනවා. නමුත් ඇළ මාර්ගයට ඉහළින් සූර්ය පැනල සවිකිරීම හරහා ඒ සඳහා වෙනම ඉඩම් අවශ්‍යතාවක් ඇති වෙන්නේ නැහැ. ඒ නිසා අපේ භූමිය ආරක්ෂා කරගනිමින් පුනර්ජනනීය බලශක්තිය නිෂ්පාදනය කිරීමට මෙය වැදගත් අවස්ථාවක් ”

ශ්‍රී ලංකාවට මෙම තාක්ෂණය නව සංකල්පයක් වුවද ලෝකයේ දියුණු රටවල් රැසක මේ වන විට ඇළ මාර්ග ආවරණය කරමින් සූර්ය පැනල සවිකර විදුලිය නිෂ්පාදනය කිරීමේ ව්‍යාපෘති ක්‍රියාත්මක වන බවත් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමේදී පරිසරයට සිදුවිය හැකි බලපෑම් පිළිබඳව අවශ්‍ය පරිසර අධ්‍යයනයන් සිදු කිරීම මෙන්ම  ව්‍යාපෘතිය සඳහා අවශ්‍ය මූල්‍ය පහසුකම් සපයා ගැනීම පිළිබඳවද අදාළ පාර්ශ්ව සමඟ සාකච්ඡා කරමින් පවතින බව අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක මහතා සඳහන් කළේ ලෝකයේ රටවල් රැසක ඇළ මාර්ග මත සූර්ය පැනල සවිකර විදුලිය නිෂ්පාදනය කිරීමේ තාක්ෂණය මේ වන විට භාවිතයට ගෙන ඇති බවයි. ශ්‍රී ලංකාවට එය නව අත්දැකීමක් වුවද, අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතාගේ සංකල්පයක් අනුව මහියංගනය වියානා ඇළ සම්බන්ධයෙන් සිදුකළ මූලික අධ්‍යයනයෙන් අනතුරුව මෙම ව්‍යාපෘතිය ඉදිරියට ගෙන යාම සඳහා කටයුතු ආරම්භ කර ඇති බවද අමාත්‍ය අනුර කරුණාතිලක මහතා පැවසීය.

වියානා ඇළ කිලෝමීටර් 20කට අධික දිගකින් යුතු පුළුල් ඇළ මාර්ගයක් වන අතර, වසරේ වැඩි කාලයක් ප්‍රශස්ත සූර්යාලෝකයක් ලැබීම හේතුවෙන් මෙම ව්‍යාපෘතිය සඳහා සුදුසු ස්ථානයක් ලෙස හඳුනාගෙන තිබේ. ඒ අනුව, වියානා ඇළ ආශ්‍රිතව පළමු අදියර ලෙස මෙගාවොට් 05ක විදුලි ධාරිතාවක් ජනනය කිරීමේ නියමු ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට යෝජිත අතර, එම ධාරිතාව ජනනය කිරීම සඳහා වියානා ඇළේ කිලෝමීටර් 05ක පමණ කොටසක් සූර්ය පැනල මගින් ආවරණය කිරීමට අවශ්‍ය වන බව ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරිය විසින් හඳුනාගෙන තිබේ.

මෙම නියමු ව්‍යාපෘතියේ ශක්‍යතාව තහවුරු කිරීමෙන් අනතුරුව, වියානා ඇළේ පවතින සම්පූර්ණ දිග සහ අනෙකුත් සුදුසු ඇළ මාර්ගද මෙවැනි පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති සඳහා යොදාගැනීමේ හැකියාව පිළිබඳව ඉදිරියේදී අවධානය යොමු කිරීමට අපේක්ෂා කෙරේ.

මෙම සාකච්ඡාව සඳහා වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා, බලශක්ති අමාත්‍ය අරුණ කරුණාතිලක මහතා, බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සුදත් බලගල්ල මහතා සහ රවින්ද්‍ර බණ්ඩාර මහතා යන අයද, ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරියේ සභාපති මහාචාර්ය විජේන්ද්‍ර බණ්ඩාර, ලංකා විදුලි බෙදාහැරීමේ සමාගම, වනජීවි දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය, මහජන උපයෝගිතා කොමිසම, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව ඇතුළු ආයතන රැසක නිළධාරින් සහභාගි වූහ.

:News.lk

Recent Posts

නගර සංවර්ධනය වෙනුවෙන් ක්‍රියාත්මක වීමට නියමිත “Life Cities” ව්‍යාපෘතිය අගමැති ප්‍රධානත්වයෙන් ජනගත කෙරේ

2026 අයවැය යෝජනා අනුව ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක නගර සංවර්ධනයට නව…

12 hours ago

පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන් රජයට ප්‍රසාදය

පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන්…

2 days ago

කාදිනල්තුමා හා ජනපති අතර හමුවක්. සිරිල් ගාමිණී ඇතුළු පියතුමන්ලාත් ඇවිත්පාස්කු විමර්ශන ප්‍රගතියත් කතාබහට

කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ…

2 days ago

Gen Z’s Rise Is Changing the World: Ranga Kalansooriya’s ‘The Youthquake’ Unveiled

COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…

4 days ago

Gen Z නැගිටීමේ සිට ඩිජිටල් බලය දක්වා — රංග කලංසූරියගේ ‘The Youthquake’ එළිදකී

ආසියාවේ තරුණ පරම්පරාව තුළ මෑත කාලීනව මතුවූ සමාජ හා දේශපාලන නැගිටීම් සහ ඒවා සඳහා සමාජ…

4 days ago

ලංගමට තවත් බස් 800ක් – මෙට්‍රෝ බස් 50කුත් එකතු වෙයි

සුභා­ෂිණී සේනා­නා­යක, නිමල් රාජ­පක්ෂ පොදු ප්‍රවා­හන සේවාවේ ප්‍රධාන භූමි­කා­වක් ඉටු­ ක­රන ලංගම තව­දු­ර­ටත් ශක්ති­මත් කිරී­මට…

5 days ago