දේශීය

තියුණු තරගයකින් පාකිස්තානය පෙරමුණට

ඇෆ්ගනිස්ථානය හා පාකිස්ථානය අතර පැවැති දෙවන එක්දින තරගය තියුණු තරගයකින් ජය ගැනීමට පාකිස්තාන කණ්ඩායම ඊයේ සමත්වුණා.

තරගයේ පළමුව පන්දුවට පහරදුන් ඇෆ්ගනිස්ථාන කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 05ක් දැවී ලකුණු 300ක් රැස්කළා.

එහිදී අගනා ඉනිමක් ක්‍රීඩා කළ Rahmanullah Gurbaz පන්දු 151 කින් ලකුණු 151ක් රැස් කළා.

Ibrahim Zadran ලකුණු 80යි.

ජයග්‍රාහණය සඳහා ලකුණු 301ක ඉලක්කයක් හබා ගිය පාකිස්තාන කණ්ඩායම අවසන් පන්දුවාරයේ එක් පන්දුවක් ඉතිරිව තිබියදී එම ඉලක්කය පසුකර ගියා.

ඒ කඩුලු 09ක් දැවී සිටියදී.

පාකිස්තානය වෙනුවෙන් Imam -ul- Haq ලකුණු 91 (105) , Babar Azam ලකුණු 53 (66) Shadab Khan ලකුණු 48 (35) වශයෙන් රැස්කළා.

පන්දු යැවීමේදී ඇෆ්ගනිස්ථාන වෙනුවෙන් Fazalhaq Farooqi කඩුලු 03ක් බිඳ දැමුවා.

ඒ අනුව 2-0 ක් ලෙස තරගාවලියේ පෙරමුණ ගැනීමට පාකිස්තානය සමත් වුණා.

Recent Posts

Protest in Los Angeles Demands Justice for Sri Lankan Garment Worker Pushpalatha

Labour rights activists raise concerns over the death of a Brandix worker during a protest…

4 days ago

ලොස් ඇන්ජලීස්හිදී ශ්‍රී ලාංකික ඇඟලුම් සේවිකාවකට යුක්තිය ඉල්ලා විරෝධතාවක්

Victoria’s Secret විලාසිතා දැක්ම අතරතුර පුෂ්පලතාගේ මරණය ගැන අවධානය යොමු කරයි ඇමරිකාවේ ලොස් ඇන්ජලීස් නුවර…

4 days ago

දිවයින පුරා බිඳ වැටුණු විදුලිය යථා තත්ත්වයට

දේශීය පුවත්නවතම පුවත් කියවීමට මිනිත්තු 1 බෙදාගන්න දිවයින පුරා සිදුවු විදුලි බිඳ වැටීම් යථා තත්ත්වයට…

1 week ago

වේදනාව, පසුතැවීම ඉතිරි කර මහ ඇතාත් යන්න ගිහින්

මෙරට වාසය කළ විශාලතම මෙන්ම උසම හස්තියා ලෙස සැලකුණු, අතිශය ජනාදරයට පත් ‘කාවන්තිස්ස’ හස්තිරාජයා ජීවිතක්ෂයට…

1 week ago