Saturday, April 18, 2026
Homeදේශීයශ්‍රී ලංකාවට ආරාධනා නොකර ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වූ මෙවර සමුළුවට සූදානම් වේ..

ශ්‍රී ලංකාවට ආරාධනා නොකර ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වූ මෙවර සමුළුවට සූදානම් වේ..

ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වූ සමුළුව ලබන මස 9 සහ 10 යන දෙදින තුළ රාජ්‍ය, පෞද්ගලික හා සිවිල් නියෝජනය පෙරටු කරගෙන රටවල් ගණනාවක සහභාගීත්වයෙන් පැවැත්වීමට නියමිතව තිබෙනවා. ඒ ලෝක ප්‍රජාතන්ත්‍රවාදය හා මානව හිමිකම් ආරක්ෂා කිරීම සඳහා පුද්ගල හා සාමූහික කැපවීම සම්බන්ධයෙන් අදහස් හුවමාරු කර ගැනීමට අවස්ථාවක් නිර්මාණය කරමින්. අදාළ කරුණු ආරක්ෂා කිරීම සඳහා මෙය නායකයින්ට සමාරම්භක අවස්ථාවක් වනු ඇති. ඒකාධිපතිවාදයට එරෙහිව මෙන්ම දූෂණයට එරෙහිව සටන් කිරීමට ද මානව හිමිකම් ආරක්ෂා කිරීමට හා ප්‍රවර්ධනයට කටයුතු කිරීම ද සමුළුවේ අරමුණු අතරට අයත්.

මානව හිමිකම්වලට ගරු කිරීම සඳහා වූ කතිකාවතට මුල පිරෙන මෙම සමුළුවේ ආරාධිත රටවල් ලේඛනයේ අසල්වැසි ඉන්දියාව , මාලදිවයින, ⁣නේපාලය හා කලාපීය රටවල් කිහියක් ම ඇතුළු රටවල් ගණනාවක නම් සඳහන්. ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව මෙහි තොරතුර ප්‍රකාශයට පත් කර තිබෙනවා. අදාල නිල වෙබ් අඩවියට අනුව එහි මෙරට නාමය සඳහන් වන්නේ නැහැ. ඔවුන් මෙහි කටයුතු සූදානම් කර තිබෙන අතර එක්සත් රාජධානිය ද ආරාධිත රටක්. කෙසේ වෙතත් ශ්‍රී ලංකාවට අමතරව ඇෆ්ගනිස්තානය ඇතුළු රටවල් කිහිපයක නම් ද එහි දක්නට නැහැ.

READ:   යතුරුපැදිය ලොරි රථයක ගැටී 21 හැවිරිදි තරුණියක් මරුට
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්