Saturday, April 18, 2026
HomeදේශීයSri Lankan Top 100 හිදී, සම්මානයට පාත්‍ර වූ මෙරට ලාබාලතම රූපලාවණ්‍ය ශිල්පිණිය...

Sri Lankan Top 100 හිදී, සම්මානයට පාත්‍ර වූ මෙරට ලාබාලතම රූපලාවණ්‍ය ශිල්පිණිය මෙනුගි.

මෙනුගි මනුල්යා කුඩා දියණිය Sri Lankan Top 100 Awards 2021 හිදී සම්මානයට පාත්‍ර වුණා. රූපලාවණ්‍ය ශිල්පී පවුලක උපන් ඇය කුඩා කල සිට ම රූපලාවණ්‍යට ඇල්මක් දක්වමින් එය ප්‍රගුණ කර එහි දක්ෂතා දක්වන වයස අවුරුදු දහයක පමණ කුඩා දරුවෙක්.

අන්තර්ජාලයෙන් හා මවගෙන් මෙම ශිල්පය පිළිබඳව ලැබුණු ගුරුහරුකම් ඇය මෙම ක්ෂේත්‍රයේ සම්මානනීය තරුවක් බවට පත්කර අවසන්. මෙලෙස සම්මානයට පාත්‍ර වන ශ්‍රී ලංකා ඉතිහාසයේ ලාබාලතම රූපලාවණ්‍ය ශිල්පිණිය ඇයයි. ඇගේ මව ඉන්දුමාලා රාජපක්ෂ වන අතර ඇයද අද සම්මානයට පාත්‍ර වුණා. ඇගේ පියා වන්නේ මංජුල හරස්ගමයි. දියණියව ද කැටුව මේ ගමන ඒමට සිය ස්වාමියාගෙන් ලැබුණු ශක්තිය පිළිබඳව මෙනුගි දියණියගේ මව පවසන්නේ මෙවන් අදහසක්..

“මම අද යම් තැනක ඉන්නවානම් ඒ ඔයා නිසා… මේ ගමන මම තනියෙන් ආවා නම් මේ හැටි දුරක් මට එන්න ලැබෙන්නෙ නෑ… මේ ගමන පුරාවටම මට ශක්තියක් වුනේ ඔයා…. කිසිම දෙයක් නිසා මට වැටෙන්න ඉඩ දුන්නෙ නෑ… හැමදාම මාව දිරිමත් කලා…මට විතරක් නෙවෙයි…. දැං අපෙ දුවටත්… ඒ නිසා මේ සම්මානය අයිති මට වඩා ඔයාට…. මේකෙ නියම අයිතිකරු වෙන්නෙ ඔයයි”

-ඉන්දුමාලා රාජපක්ෂ

මෙනුගි මනුල්යා දියණිය සිටින්නේ ගිනස් වාර්තාවක් තැබීමටද සූදානම්වයි. Sri Lankan Top 100 Awards 2021 හිදී ජ්‍යෙෂ්ඨ හෙදි පුෂ්පා රම්‍යානි සොයිසා ද සම්මානයට පාත්‍ර වී තිබුණා.

READ:   ගැබිණි මව්වරුන්ගේ ජීවිත සුරක්ෂිත කිරීමට පියවර ගන්නවා - අගමැති
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්