Sunday, August 2, 2026
HomeදේශීයUPDATE: මුජිබර් බලන්න සජිත් ජාතික රෝහලට

UPDATE: මුජිබර් බලන්න සජිත් ජාතික රෝහලට

ජන ගැටලුවලට විසඳුම් ඉල්ලා සමගි ජන බලවේගය විසින් අද (30) කොළඹ දී පැවැත්වූ විරෝධතාව අතරතුර රෝහල් ගත කෙරුණු හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහ්මාන් මහතාගේ සුවදුක් බැලීමට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කොළඹ ජාතික රෝහලට වෙත ගොස් තිබෙනවා.

මෙම විරෝධතාව අතරතුර පොලිසිය විසින් එල්ල කරන ලද ජල හා කදුළුගෑස් ප්‍රහාරවලට ලක්වූ තවත් පිරිසක් කොළඹ එම රෝහලට ඇතුළත් කළ බවයි වාර්තා වන්නේ.

ප්‍රහාරවලට ලක්ව තුවාල ලැබූ සහ විවිධ පීඩාවන්ට ලක්ව රෝහල් ගත කරන ලද පුද්ගලයින්ගේ සුවදුක් විමසීම සඳහා සජිත් ප්‍රේමදාස මහතා කොළඹ ජාතික රෝහලට පැමිණ තිබුණා.

මේ අතර සජිත් ප්‍රේමදාස මහතා ද පොලිසිය එල්ල කරන ලද ජල හා කඳුළුගෑස් ප්‍රහාරවලට ලක්ව ඇති අතර ඇතැම් ප්‍රහාර ඔහු ඉලක්ක කරමින් එල්ල වූ බවටද චෝදනා එල්ල වෙනවා.

file
READ:   අධිකරණයෙන් තීන්දු ලත් රාජපක්ෂලට එරෙහි පළමු වෙඩි මුරය? මෙන්න කොටුවේ තත්ත්වය
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්