file
නමුණුකුල, බූටාවත්ත ප්‍රදේශයේ කෝවිලක පැවැත්වූ රදම් පෙරහැරක ගිය ට්‍රැක්ටර් රථයක් යළි කෝවිල වෙත රැගෙන එමින් සිටියදී විදුලි රැහැනක පැටලී අනතුරක් සිදුව තිබෙනවා.
එහිදී ට්‍රැක්ටර් රථය මාර්ගයේ විදුලි රැහැනක පැටලී ඇති අතර එහි ගමන් කළ පුද්ගලයින් 05 දෙනෙකුට විදුලිසැර වැදී ඇති බවයි පොලිසිය පැවසුවේ.
ඔවුන් ප්‍රතිකාර සඳහා පස්සර දිසා රෝහලට ඇතුළත් කිරීමේදී ඉන් දෙදෙනෙකු මිය ගොස් ඇති අතර අනෙක් තිදෙනා නේවාසිකව ප්‍රතිකාර ලබනවා.
මරණකරුවන් වයස අවුරුදු 30 හා 42 යන වයස්වල පසුවන බූටාවත්ක, නමුණුකුල ප්‍රදේශයේ පදිංචිකරුවන්.
පොල්වත්ත ප්‍රදේශයේ දී ඊයේ (24) උදෑසන මෙම අනතුරට ලක්ව ඇත්තේ ඊට පෙරදා (23) රාත්‍රියේ කෝවිලේ රදම් පෙරහැරේ ගිය ට්‍රැක්ටර් රථයයි.
නමුණුකුල පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදුකරයි.
‘අෙප් ආණ්ඩුව' - 'වසර ෙදකයි - රටට සුබයි' | ගම්පහ මහා රැලිය අමතා ජනාධිපති අනුර…
බලශක්ති ප්‍රතිපත්තිය ගැන අප රටේ පොදු සාමාන්‍ය පිළිගැනීමක් ලෙස උපරිම වශයෙන් බලශක්ති උත්පාදනය පුනර්ජනනීය බලශක්තිය…
මේ නින්දිත පහත් රජය මෙරට ජනතාව රවටා ඇති බවත් වැඩිම පච කියූ ජනාධිපතිවරයා ලෙස අනුර…
Colombo Dockyard PLC (CDPLC) is highlighting Sri Lanka’s growing contribution to the international maritime industry…
සෙසු විත්තිකරුවන් 9 දෙනා නිදොස් කොට නිදහස් 2019 වසරේ පාස්කු ඉරුදින සිදුවූ ත්‍රස්ත ප්‍රහාර මාලාව…
ශ්‍රී ලංකාවේ ප්‍රධානතම සංචාරක ගමනාන්තයක් වන දඹුල්ල–සීගිරිය කලාපයේ සංචාරක පහසුකම් සහ යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම…