Monday, April 20, 2026
Homeදේශීයදෙසැම්බර් වන විටවත් මහමැතිවරණයක් පැවැත්විය යුතුයි

දෙසැම්බර් වන විටවත් මහමැතිවරණයක් පැවැත්විය යුතුයි

දෙසැම්බර් මාසය සහ ලබන වසරේ (2023) පෙබරවාරි අතර කාලය තුළ දී හෝ මහ මැතිවරණයක් පැවැත් විය යුතු බව මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා ප්‍රකාශ කරනවා. 2020 මහමැතිවරණයේදී ප්‍රකාශිත ජනවරම පාර්ලිමේන්තුව තුළ නොපැවතීම මීට ප්‍රධාන හේතුව ලෙස එතුමන් පෙන්වා දෙනවා.

මහ මැතිවරණයක් පැවැත්වීම සම්බන්ධයෙන් ප්‍රධාන මතයන් දෙකක් ගොඩනැගී ඇති අතර ඉන් එකක් වන්නේ වහාම මැතිවරණයකට යා යුතුයි යන්නයි. දෙවැන්න ලබන වර්ෂය අවසන් වන තෙක් කිසිසේත් මැතිවරණයක් නොපැවැත් විය යුතු යන්නයි.. බව පවසන එතුමා මෙම මතයන් දෙකට මධ්‍යස්ථ අදහසක් ලෙස දෙසැම්බර් හා ලබන වසරේ පෙබරවාරි අතර කාලය තුළ මහමැතිවරණයක් පැවැත්විම සුදුසු යන්න තමන්ගේ අදහස වන බව පවසනවා.

කෙසේ වෙතත් වර්තමානයේ රට මුහුණ දී තිබෙන ගෑස්, ඉන්ධන, පොහොර , ඖෂධ අත්‍යවශ්‍ය භාණ්ඩ ආදී දැවෙන ගැටළු යම්තාක් දුරට කඩිනමින් විසඳාගෙන මහමැතිවරණයක් සඳහා යෑම සුදුසු වන බවයි එතුමා පෙන්වා දෙන්නේ. මේ පිලිබඳව ජනාධිපතිවරයා, පාර්ලිමේන්තුව පක්ෂ විපක්ෂ ඇතුළු සියලු දෙනා පැහැදිලි එකඟතාවක් ඇති කරගත යුතු බවයි එතුමා පවසන්නේ.

READ:   සිරසේ 'කියාදෙන්න ආදරේ තරම්' ටෙලි නාට්‍යයෙන් ශලනි ඉවත් වෙයි..
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්