QR ක්‍රමය අනුව ඉන්ධන ලබා දීමේ වැඩපිළිවෙළ අද සිට දිවයින පුරා ක්‍රියාත්මක කරන බව බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර පවසනවා. ඒ අනව CEYPETCO සහ IOC ඉන්ධන හල් තුළ Q.R අවසරය පත්‍රය අනුව ඉන්ධන සපයීම ක්‍රියාත්මක වන අතර ඒ සඳහා තාක්ෂණික පහසුකම් නොමැති ඉන්ධන හල් සඳහා පමණක් වහාන ලියාපදිංචි අංකයේ අවසාන ඉලක්කම අනුව තවදුරටත් ඉන්ධන සැපයීමට අවසර ඇති අතර අගෝස්තු 1 වනදා සිට Q.R ක්‍රමවේදය අනිවාර්ය කර තිබෙනවා.



