
අන්තර් විශ්වවිද්‍යාල බලමණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලීගේ ඇතුළු හය දෙනෙකුට රටින් පිටවීම වළක්වාලමින් මහේස්ත්‍රාත් අධිකරණ විසින් තහනම් නියෝගක් නිකුත් කර තිබෙනවා. පොලිස් මූලස්ථානය ඉදිරිපිට නීති විරෝධී ව හැසිරී රජයේ දේපළ වලට හානි කිරීමක් සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ඨාශය විසින් අධිකරණයෙන් කළ ඉල්ලීමක් සළකා බැලීමෙන් අනතුරුව කොළඹ කොටුව මහේස්ත්‍රාත්වරයා විසින් මෙම තහනම් නියෝගය නිකුත් කර තිබෙනවා.
ඒ අනුව
අන්තර් විශ්වවිද්‍යාල බලමණ්ඩලය කැඳවුම්කරු වසන්ත මුදලීගේ
ජීවන්ත පීරිස් පියතුමා
ජෝශප් ස්ටාලින්
එරංග ගුණසේකර
ළහිරු වීරසේකර
ඇතුළු පිරිසට අධිකරණ තහනම් නියෝගය නිකුත් කර තිබෙනවා.


