Sunday, April 19, 2026
Homeදේශීයවසර 200ක් පැරණි භික්ෂූන් වහන්සේ නමකගේ මමියක්

වසර 200ක් පැරණි භික්ෂූන් වහන්සේ නමකගේ මමියක්

වසර 200ක් පමණ පැරණි භාවනා ඉරියව්වෙන් සිටින බෞද්ධ භික්ෂූන් වහන්සේ නමකගේ මමියක් හමුවෙයි. ජාවාරම්කරුවෙකු විසින් මෙම මමිය පෙට්ටියක දමා කළු වෙළඳපොලට විකිණීමට සුදානම් කර තිබියදී පොලිසිය විසින් සොයාගෙන තිබෙ. පොලිස් අත්අඩංගුවට පත් වු එම පුද්ගලයා පාපොච්චාරණය කර ඇත්තෙ මෙම මමිය ගව හමකින් ඔතා තිබියදී හමු වු බවයි. මෙ හෙතුවෙන් හිසකෙස්, සම සහ නියපොතු පවා නිරෝගීව පැවතීමට හේතුව එය විය හැකිබව විශ්ලේෂකයන් පෙන්වා දෙයි.

මමිය මෙලෙස හොදින් සංරක්ෂණය වී තිබිම මරණ පරීක්ෂකවරුන් පවා මවිතයට පත්වි ඇත. මෙම භික්ෂූවට ඉතා සිහින් සිරුරක් සහිත දුඹුරු, අළු සහිත තලෙලු සමක් ඇති අතර, ඇඟිලි, කන්, හිසකෙස්,රැවුල පවා සජීවී බවින් යුතු විම පුදුමාකාර දෙයක් බව සදහන් කරයි. මෙම පුදුම සහගත කුතුහලය දනවන බෞද්ධ භික්ෂූවගෙ මමිය සම්බන්ධයෙන් විශ්ලේෂකයන්, පර්‍යෙෂකයන් විවිධ උපකල්පනය ඉදිරිපත් කර තිබෙ. ආචාර්ය වරයකු වන බැරී කර්සින් පෙන්වාදෙන්නෙ මෙම හිමිනම අපවත් වී ඇත්තේ අද්විතීය වූ ගැඹුරු භාවනා තත්වයකදි බවයි. මෙම භික්ෂූව මිය ගොස් නැති බවත් “ටුක්ඩම්” නම් ගැඹුරු භාවනාවක සිටින බවත්, එය ජීවිතයත් මරණයත් අතර මෝහනයක් බවත් ඇතැම් බෞද්ධ භික්ෂූන් වහන්සේලා තර්ක කර ඇත.

බෞද්ධ විශ්වවිද්‍යාලයේ බෞද්ධ කලා ආයතනයේ මහාචාර්ය ගන්හුගියන් පූරෙව්බතා පවසන්නෙ මෙම භික්ෂූන් වහන්සෙ මිය ගොස් නැති බවත් ඉතා ගැඹුරු භාවනාවක සිටින බවත් Ulan Bator හි සයිබීරියානු ටයිම්ස් වාර්තාකර ඇත. මෙම භික්ෂුවට එම භාවනාවේ දිගටම සිටිය හැකි නම්, ඔහු බුදු විය හැකිය” යනුවෙන් බෞද්ධ භික්ෂුවක් වන බැරී කර්සින් ස්පාඤ්ඤ වෙබ් අඩවියකට ප්‍රකාශකර තිබෙ. කෙසෙනමුත් මෙම බෞද්ධ භික්ෂූවගෙ මමිය මොන්ගෝලියානු බලධාරීන් පරීක්ෂණ ආරම්භ කිරිමට කටයුතු කර ඇත. මෙ අනූව සිරුර විශ්ලේෂණය කරන විශෙෂ කණ්ඩායම්, පොලිස් නිලධාරීන්, විද්‍යාඥයන්, අධිකරණ අමාත්‍යාංශයේ නිලධාරීන් සහ අධ්‍යාපන, සංස්කෘතික, විද්‍යා අමාත්‍යාංශවල නිලධාරීන් ද මෙ සදහා ඇතුළත් කර ඇත.

උපුටා ගැනීම

READ:   උසස් පෙළ කඩඉම් ලකුණු නිකුත් කෙරේ
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්