Thursday, September 10, 2026
Homeදේශීයසමාජ මාධ්‍ය ඔස්සේ වෛරී අදහස් පළ කළ පුද්ගලයෙකු අත්තඩංගුවට

සමාජ මාධ්‍ය ඔස්සේ වෛරී අදහස් පළ කළ පුද්ගලයෙකු අත්තඩංගුවට

Facebook සමාජ මාධ්‍ය හරහා වෛරී අදහස් මතුවන ආකාරයට මහජන නොසන්සුන්තාවය හා මහජන සාමයට බාධා වන අයුරින් පළකිරීම් කළ පුද්ගලයෙකු අත්තඩංගුවට ගත් බව පොලිසිය වාර්තා කරනවා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලැබුණු පැමිණිල්ලකට අනුව දකුණු පළාත් පරිගණක අපරාධ විමර්ශන ඒකකය මඟින් සිදුකළ විමර්ශනයකට අනුව මෙම පුද්ගලයා අත්තඩංගුවට ගෙන තිබෙනවා. අදාල පුද්ගලයා 28 හැවිරිදි ගාල්ල කොටුව ප්‍රදේශයේ පදිංචි කරුවකු වන බවයි පොලිසිය සඳහන් කළේ ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණයට යොමු කිරීමෙන් පසු ඔහු ලබන 8 වන දා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

අත්තඩංගුවට ගැනීම සම්බන්ධ පොලිස් නිවේදනය පහතින්

READ:   මොරටුවට විශ්වවිද්‍යාලයට මිග් 27 යානයක්.
RELATED ARTICLES

නවතම වීඩියෝ

The request cannot be completed because you have exceeded your quota.

පුවත්

පැරණි පුවත්