Saturday, July 25, 2026
Homeදේශීයකෝවිලේ පෙරහැරේ ගිය ට්‍රැක්ටරය විදුලි රැහනක පැටලෙයි: දෙදෙනෙක් මරුට.තුනක් රෝහලේ

කෝවිලේ පෙරහැරේ ගිය ට්‍රැක්ටරය විදුලි රැහනක පැටලෙයි: දෙදෙනෙක් මරුට.තුනක් රෝහලේ

නමුණුකුල, බූටාවත්ත ප්‍රදේශයේ කෝවිලක පැවැත්වූ රදම් පෙරහැරක ගිය ට්‍රැක්ටර් රථයක් යළි කෝවිල වෙත රැගෙන එමින් සිටියදී විදුලි රැහැනක පැටලී අනතුරක් සිදුව තිබෙනවා.

එහිදී ට්‍රැක්ටර් රථය මාර්ගයේ විදුලි රැහැනක පැටලී ඇති අතර එහි ගමන් කළ පුද්ගලයින් 05 දෙනෙකුට විදුලිසැර වැදී ඇති බවයි පොලිසිය පැවසුවේ.

ඔවුන් ප්‍රතිකාර සඳහා පස්සර දිසා රෝහලට ඇතුළත් කිරීමේදී ඉන් දෙදෙනෙකු මිය ගොස් ඇති අතර අනෙක් තිදෙනා නේවාසිකව ප්‍රතිකාර ලබනවා.

මරණකරුවන් වයස අවුරුදු 30 හා 42 යන වයස්වල පසුවන බූටාවත්ක, නමුණුකුල ප්‍රදේශයේ පදිංචිකරුවන්.

පොල්වත්ත ප්‍රදේශයේ දී ඊයේ (24) උදෑසන මෙම අනතුරට ලක්ව ඇත්තේ ඊට පෙරදා (23) රාත්‍රියේ කෝවිලේ රදම් පෙරහැරේ ගිය ට්‍රැක්ටර් රථයයි.

නමුණුකුල පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදුකරයි.

READ:   බස් රථයක් තිරික්කල් පෙළක ගැටී අනතුරක්
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්