Tuesday, September 15, 2026
Homeදේශීයගාල්ල බන්ධනාගාරයේ හඳුනානොගත් රෝගය වැළඳුණු තවත් 9ක් හමුවෙයි

ගාල්ල බන්ධනාගාරයේ හඳුනානොගත් රෝගය වැළඳුණු තවත් 9ක් හමුවෙයි

ගාල්ල බන්ධනාගාරය ආශ්‍රීතව පැතිර යන හඳුනානොගත් රෝගය වැළඳුණු තවත් රෝගීන් 9ක් හඳුනාගෙන ඇති බව වාර්තා වෙනවා.

මේ අතර පසුගියදා ගාල්ල බන්ධනාගාර රැඳවියන් දෙදෙනෙකු මියයෑම සම්බන්ධයෙන් විවෘත තීරණයක් ලබා දී තිබෙනවා.

ඒ කරාපිටිය රෝහලේ වෛද්‍යවරුන් විසින් සිදුකළ මරණ පරීක්ෂණයෙන් අනතුරුවයි.

අදාළ රෝගීන් බන්ධනාගාරයේ වෙනම කොටසක රඳවා තබන බවත් බරපතළ තත්ත්වයක් ඇති වුවහොත් රෝහල් ගත කිරීමට පියවර ගන්නා බවත් බන්ධනාගාර අධිකාරිවරයා පවසා තිබෙනවා.

එමෙන්න බන්ධනාගාරයේ රැඳවියන් ඇතුළු සියලු දෙනාට මුව ආවරණ පැළඳීම අනිවාර්ය කර තිබෙනවා.

READ:   මත්වූ ප්‍රාථමික සිසුන් හතරක් ගහක් යට වැටී සිටියදී සොයාගැනේ: සිසුවෙකුගේ තත්ත්වය බරපතළයි
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්