දේශීය

ජනපතිගේ සිංගප්පූරු සංචාරය ගැන සිංගප්පූරු ජනපතිනියගෙන් ෆේස්බුක් සටහනක්

සිංගප්පූරුවේ දෙදින නිල සංචාරයක නිරත ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ සිංගප්පූරු ජනාධිපතිනි හලීමා යෙකුබ් (Halimah Yacob) මහත්මිය අතර නිල හමුව අද (21) පෙරවරුවේ සිදුව තිබෙනවා.

සිංගප්පුරුවේ ඉස්තානා මන්දිරය වෙත පැමිණි රනිල් වික්‍රමසිංහ මහතා සිංගප්පූරු ජනාධිපතිනිය විසින් ඉතා සුහදශීලිව පිළිගත් අතර සුහද කථා බහකින් අනතුරුව නායක දෙපළ ද්විපාර්වික සාකච්ඡා සඳහා එක් වූ බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළා.

file

සිංගප්පූරුව සහ ශ්‍රී ලංකාව අතර දීර්ඝ කාලයක් පුරා පවතින ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් ලෙස ඉදිරියට ගෙන යාම පිළිබඳව මෙහිදී නායකයන්ගේ අවධානය යොමුව ඇති අතර ආහාර සුරක්ෂිතතාව, පුනර්ජනනීය බලශක්තිය යන ක්ෂේත්‍රවලට අදාළව ඉදිරියේ දී සහයෝගීතාව ඉහළ නංවා ගැනීම පිළිබඳව ද සාකච්ඡා කර තිබෙනවා.

file

මේ අතර සිංගප්පූරු ජනාධිපතිනිය සිය ෆේස් බුක් පිටුවේ මෙලෙස සටහනක් තබා ඇති බව වාර්තා වෙනවා.

“අපගේ මිත්‍රත්වයේ ශක්තිමත් බව රඳා පවතින්නේ පුද්ගල සබඳතා මතය. එම බැඳීම් තවදුරටත් ශක්තිමත් කර ගැනීමට පුළුල් ඉඩ ප්‍රස්ථාවක් පවතී. ශ්‍රී ලංකා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සිංගප්පූරු චාරිකාව ඵලදායී මෙන්ම සාර්ථක සංචාරයක් වේවායි මම ප්‍රාර්ථනා කරමි”

මේ අතර සිංගප්පූරු ආරක්ෂක අමාත්‍ය ආචාර්ය නෙං එං හෙන් (Ng Eng Hen) මහතා ද අද (21) පෙරවරුවේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමු වී ද්විපාර්ශ්වික සාකච්ඡා පවත්වා තිබෙනවා.

ජනාධිපති මධ්‍ය අංශය පැවසුවේ ශ්‍රී ලංකාව සහ සිංගප්පූරුව අතර පවතින ආරක්ෂක සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කර ගැනීම පිළිබඳ එහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කළ බවයි.

file

එසේම දකුණු ආසියානු කලාපයේ පොදු ගැටලු නිරාකණය කර ගැනීම වෙනුවෙන් නිරන්තරව තොරතුරු හුවමාරු කර ගැනීමේ සහ නිසි සම්බන්ධීකරණයකින් යුතුව කටයුතු කිරීමේ වැදගත්කම ද අවධාරණය කර ඇති අතර කලාපයේ ආරක්ෂක සහයෝගීතාව ශක්තිමත් කර ගැනීම වෙනුවෙන් එක්ව කැපවීමට ද දෙපාර්ශ්වයම සහතික වී තිබෙනවා.

Recent Posts

පොල්දූව මංසන්ධියේ දී සමගි ජන බලවේගය විසින් 22ට එරෙහිව සංවිධානය කර තිබූ උද්ඝෝෂණය

මේ නින්දිත පහත් රජය මෙරට ජනතාව රවටා ඇති බවත් වැඩිම පච කියූ ජනාධිපතිවරයා ලෙස අනුර…

4 days ago

Colombo Dockyard Highlights Sri Lanka’s Maritime Capabilities on World Maritime Day 2026

Colombo Dockyard PLC (CDPLC) is highlighting Sri Lanka’s growing contribution to the international maritime industry…

4 days ago

පාස්කු ප්‍රහාර නඩුවේ විත්තිකරුවන් 15කට වරදකරු බවට තීන්දුවක් – 9ක් නිදොස් කොට නිදහස්

සෙසු විත්තිකරුවන් 9 දෙනා නිදොස් කොට නිදහස් 2019 වසරේ පාස්කු ඉරුදින සිදුවූ ත්‍රස්ත ප්‍රහාර මාලාව…

5 days ago

සීගිරියට අලුත් පෙනුමක්: ඩොලර් මිලියන 30ක සංචාරක සංවර්ධන ව්‍යාපෘතිය ඇරඹේ

ශ්‍රී ලංකාවේ ප්‍රධානතම සංචාරක ගමනාන්තයක් වන දඹුල්ල–සීගිරිය කලාපයේ සංචාරක පහසුකම් සහ යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම…

7 days ago

ලංකාවේ සේවා අංශය වේගවත් වෙයි – PMI දර්ශකය 65.6 දක්වා ඉහළට

ශ්‍රී ලංකාවේ සේවා අංශයේ ව්‍යාපාරික ක්‍රියාකාරකම් 2026 අගෝස්තු මාසයේදී තවදුරටත් වේගවත් වී තිබේ. ශ්‍රී ලංකා…

7 days ago

රෝහල් සේවාවට AI එයි – ශ්‍රී ලංකාවේ පළමු AI Hospital Chatbot හඳුන්වා දෙයි

මේ අතර ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත්‍රයට නව තාක්ෂණික පහසුකමක් එක් කරමින් Kings Hospital Colombo…

7 days ago