Thursday, September 10, 2026
Homeදේශීයජාතික සභා අනුකමිටුවක සභාපතීත්වය නාමල් රාජපක්ෂට (VIDEO)

ජාතික සභා අනුකමිටුවක සභාපතීත්වය නාමල් රාජපක්ෂට (VIDEO)

ජාතික සභා අනුකමිටුවක සභාපතිවරයකු ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පත් කර තිබෙනවා.

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ සභාපතිවරයා ලෙස පත් වූයේ කෙටි, මධ්‍යම හා දිගුකාලීන ප්‍රතිපත්ති සම්පාදනය කිරීමේ හා ප්‍රමුඛතා හඳුනා ගැනීම පිළිබඳ ජාතික සභා අනුකමිටුව සඳහායි.

ජාතික සභා අනුකමිටුවේ සභාපතීත්වය සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂගේ නම පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් විසින් යෝජනා කර සිටි අතර අලි සබ්‍රි රහීම් විසින් එම යෝජනාව ස්ථිර කර සිටියා.

කතානයකවරයාගේ මූලිකත්වයෙන් රැස්වූ ජාතික සභාව විසින් අනුකමිටු දෙකක් ස්ථාපිත කිරීමට තීරණය කර තිබු අතර ඊන් එක් කමිටුවක සභාපතීත්වය සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මෙලෙස පත් වූවා.

READ:   චාල්ස් කුමරු, තුන්වන චාල්ස් රජු ලෙස නිල වශයෙන් පත් කරයි
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්