Wednesday, April 15, 2026
Homeදේශීයකොළඹට පැය 18ක වතුර කැපිල්ලක්

කොළඹට පැය 18ක වතුර කැපිල්ලක්

අධිබල විදුලි රැහැන් පද්ධතියේ නඩත්තු කටයුත්තක් සහ අභ්‍යන්තර වැඩිදියුණු කටයුත්තක් හේතුවෙන් අඹතලේ ජල පවිත්‍රාගාරය වෙත සැපයෙන විදුලිබලය අත්හිටුවන බව විදුලිබල මණ්ඩලය පවසනවා.

ඒ හේතුවෙන් ලබන 19 වන සෙනසුරාදා පෙරවරු 8.00 සිට පසුදින (20) ඉරිදා අළුයම 2.00 දක්වා පැය 18 ක කාලයක් පහත සඳහන් ප්‍රදේශවලට ජලය සැපයීම අතිහිටුවීමට නියමිතයි.

කොළඹ, දෙහිවල, ගල්කිස්ස, කෝට්ටේ, කඩුවෙල නගර සභා බල ප්‍රදේශ, මහරගම, බොරලැස්ගමුව, කොළොන්නාව ප්‍රදේශීය සභා බල ප්‍රදේශ, කොටිකාවත්ත, මුල්ලේරියාව ප්‍රදේශිය සභා බල ප්‍රදේශ, රත්මලාන සහ කටුබැද්ද යන ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටවනු ලබයි.

අවශ්‍ය ජලය කල්තබා රැස්කර ගන්නා මෙන් ජල සම්පාදන මණ්ඩලය ජනතාවට දැනුම්දෙනවා.

file
READ:   ලොකු ම ප්‍රශ්නෙ ගෑස් පුපුරණ එක. බය හිතුණා අම්මා ගැන, මං විශේෂ ලිපක් හැදුවා - 8 වසරේ දරුවෙක් කියයි
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්