විදුලි නඩත්තු කටයුත්තක් හේතුවෙන් අද (08) පෙරවරු 10.00 සිට රාත්‍රී 8.00 දක්වා පැය 10 ක කාලයක් කොළඹ ආශ්‍රිත ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවන බව ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා.
ඒ අනුව කොළොන්නාව නගර සභා බලප්‍රදේශය, මොරගස්මුල්ල, රාජගිරිය, ඔබේසේකරපුර, බණ්ඩාරනායකපුර, ඇතුල්කෝට්ටේ,නාවල,කොස්වත්ත, රාජගිරිය සිට නාවල විවෘත විශ්වවිද්‍යාලය දක්වා ප්‍රධාන මාර්ගය සහ සියලූම අතුරු මාර්ගවලද ජල සැපයුම මෙලෙස අත්හිටුවණු ලැබේ.


