Sunday, June 14, 2026
Homeදේශීයඅහසට යැවූ බැලූනයක් ගිනිගෙන කඩා වැටී, නිවසක් ගිනිබත් වෙයි

අහසට යැවූ බැලූනයක් ගිනිගෙන කඩා වැටී, නිවසක් ගිනිබත් වෙයි

ගුවනට යැවූ බැලූනයක් ගිනිගෙන නිවසකට කඩා වැටීම නිසා එම නිවසද ගිනිගෙන ඇති පුවතක් යාපනය , වැල්වෙට්ටිතුරෙයි ප්‍රදේශයෙන් වාර්තා වෙනවා.

වැල්වෙට්ටිතුරෙයි මුත්තුමාරී අම්මාන් කෝවීලේ ඉකුත් 6 වනදා පැවති පූජාවක් අතරතුර මෙම බැලූනය යවා ඇත.

ගිනත් බැලූනය කඩා වැටීම හේතුවෙන් නිවසේ වහලය ගිනිගෙන පසුව නිවසට ද ගිනි ඇවිලී විනාශ වී ඇති බව පොලිසිය පවසනවා.

වැල්වැටිතුරේ පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

READ:   රට භාර ගැනීමට එකම සුදුස්සා මම යි - කුමාර වෙල්ගම
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්