Tuesday, July 21, 2026
Homeදේශීයනුවරඑළිය රෝහලේ බෙහෙතක් විෂ වී රෝගීන් 10 දෙනෙකුගේ ඇස් අවුල්

නුවරඑළිය රෝහලේ බෙහෙතක් විෂ වී රෝගීන් 10 දෙනෙකුගේ ඇස් අවුල්

ඉන්දියාවෙන් ගෙන්වූ බෙහෙතක තිබූ විෂ බීජ හේතුවෙන් නුවරඑළිය දිස්ත්‍රික් මහ රෝහලේ අක්ෂි සැත්කම් කළ රෝගීන් දහදෙනෙකුගේ ඇස් පෙනීම දුර්වලවී තිබෙනවා.

නුවරඑළියේ මහ රෝහලේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය මහේන්ද්‍ර සෙනවිරත්න මහතා මේ බව දිවයිනට ප්‍රකාශ කර තිබුණා.

පසුගිය අප්‍රේල් පස්වෙනිදායින් පසුව සිදුකළ අක්ෂි ශල්‍යකර්මවලින් පසුව රෝගීන්ට ඇස්වලට දැමීමට ලබාදුන් බෙහෙතක් විෂ වීමෙන් ඇස් පෙනීම මුළුමනින්ම නැතිව ගොස් ඇති බව වෛද්‍යවරයා පැවසුවා.

ඉන්දියාවෙන් ගෙන්වන ලද බෙහෙතක විෂ බීජ තිබීම හේතුවෙන් එලෙස සිදුව ඇති බව අනාවරණය වූ බව වෛද්‍යවරයා පවසනවා.

නිවෙස්වලට ගිය රෝගීන් නැවත දින කිහිපයකට පසු ඇස්පෙනීම මුළුමනින්ම නැතිවූ බව පවසමින් රෝහල් ගත කළ බවත් ඉන් පසුව සිදුකළ ප්‍රතිකාරවලින් ක්‍රමයෙන් සුවතට හැරෙමින් පවතින බවද වෛද්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළා.

මූලාශ්‍රය: දිවයින

READ:   මුල්ලේරියාව දරුවාගේ මරණයේ සැකකරුට අධිකරණයෙන් නියෝග
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්