Friday, July 24, 2026
Homeදේශීයක්‍රීඩකයින්ට තහනම් උත්තේජක අලෙවි කළ පුද්ගලයකු අත්අඩංගුවට

ක්‍රීඩකයින්ට තහනම් උත්තේජක අලෙවි කළ පුද්ගලයකු අත්අඩංගුවට

ක්‍රීඩකයින්ට තහනම් උත්තේජක අලෙවි කළ පුද්ගලයකු වලාන දූෂණ මර්ධන ඒකකය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

උපාය දූතයෙකු හට එන්නත් සහ පෙති වශයෙන් රුපියල් 38,000ක උත්තේජක අලෙවි කිරීමට යෑමේදී සැකකරු ඊයේ (16) දහවල් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එම තහනම් උත්තේජක නීති විරෝධී ලෙස මෙරටට ගෙන්වා ඇති බව අනාවරණය වී තිබේ.

ඔහුගෙන් ලද තොරතුරකට අනුව ජාතික ඖෂධ නියාමන අධිකාරියේ නිලධාරීන් සහ ශ්‍රී ලංකා උත්තේජක මර්ධන නියෝජ්‍ය ආයතනයේ නිලධාරීන් විසින් බෙරැල්ල ප්‍රදේශයේ දී තවත් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 29ක් වන ජා ඇල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

ඔහු අද වැලිසර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

මෙම තහනම් උත්තේජක මඟින් ලිංගික බෙලහීනතාවය, පුරස්ථි ග්‍රන්ථි පිළිකා, වකුගඩු හා වෘෂණ කෝෂ වෙනස්වීම් වැනි රෝග ඇතිවිය හැකි බව ජාතික ඖෂධ නියාමන අධිකාරිය පෙනවා දෙනවා.

file
file
file
file
READ:   ඊශ්‍රායලයේ ඉදිකිරීම් අංශයේ රැකියාලාභීන් පළමු 125 දෙනා පිටත් වෙයි
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්