Sunday, June 14, 2026
Homeදේශීයරන් ආකරයක ගින්නකින් 27 දෙනෙක් ජීවිතක්ෂයට (PHOTO)

රන් ආකරයක ගින්නකින් 27 දෙනෙක් ජීවිතක්ෂයට (PHOTO)

පේරු රාජ්‍යයේ රන් ආකරයක ඇති වූ ගින්නකින් පුද්ගලයින් 27 දෙනෙකු ජීවිතක්ෂය පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ගින්නෙන් පුද්ගලයින් 175 දෙනෙකුගේ ජීවිත බේරා ගැනීමට සමත්ව තිබෙනවා.

වසර ගණනකට පසු එරට ඇති වූ දරුණුතම පතල් අනතුර ලෙස සැලකෙන මෙම ගින්න විදුලි පරිපථයක දෝෂයක් හේතුවෙන් ඇති වන්නට ඇතැයි සැක පළවේ.

ගින්න ඇති වන විට කම්කරුවන් බිම් මට්ටමේ සිට අඩි 330 ක් පමණ ගැඹුරෙහි සිට ඇත.

රන් ආකරයේ දැව උමං ආධාරක තෙල්වලින් පෙඟවා තිබීම හේතුවෙන් ගින්න ව්‍යප්තිය සිදුව තිබේ.

පේරු රාජ්‍ය යනු ලොව විශාලතම රන් නිෂ්පාදන සිදුකරන රටක් වන අතර එය ගෝලීය රන් ඉල්ලුමෙන් 4% ක් පමණ වෙනවා.

file
file
file
READ:   කාසියේ වාසිය බංග්ලාදේශයට
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්