Monday, September 14, 2026
HomeදේශීයBREAKING NEWS: බිහිසුණු බස් අනතුරක්

BREAKING NEWS: බිහිසුණු බස් අනතුරක්

බම්බලපිටිය ඩුප්ලිකේෂන් පාර, ජුබිලි බුලස් හංදිය අසල අද (14) අලුයම බස් රථයක් අනතුරට ලක්ව තිබෙනවා.

කොළඹ සිට කතරගම බලා ධාවනය වූ පෞද්ගලික බස් රථයක් මෙලෙස අනතුරට ලක්ව ඇත.

අනතුරින් තුවාල ලැබූ කාන්තාවන් දෙදෙනෙකු හා පිරිමි පුද්ගලයින් 5 දෙනෙකු ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබේ.

අනතුර සිදුවන අවස්ථාවේ බස් රථයේ මගීන් 15 දෙනෙකු පමණ සිට ඇත.

විදුලි පහන් සංඥා නොතකා බස් රථය ධාවනය කිරීම හේතුවෙන් අනතුර සිදුව ඇති බව පොලීසිය පවසනවා.

බම්බලපිටිය පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදුකරයි.

file
file
file
file
file
file
READ:   අලුත්වැඩියා හේතුවෙන් දුම්රිය හරස් මාර්ගයක් වැසේ
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්