සම්මානනීය ලේඛිකාවක, ප්‍රවීණ පුවත් කර්තෘවරියක වන අනුල ද සිල්වා මහත්මිය අභාවප්‍රාප්ත වී තිබෙනවා.
අනුල මහත්මිය නවකතා, පරිවර්තන, ළමා පොත් ඇතුළු වටිනා පොත් 125කට අධික ප්‍රමාණයක් මෙරට සාහිත්‍ය ක්ෂේත්‍රයට දායද කර ඇත.
ඇයගේ පළමු නවකතාව වන ‘උම්මත්තකයෝ’ නවකතාව 1964 වර්ෂයේ දී ප්‍රකාශයට පත්විය.
අහස් මාලිගා, මංජේශ්වරී, මහා මුහුද මමයි වැනි සුවිශේෂී නවකතා ඇය අතින් රචනා විය.
දෙවියංගේ අඩවිය (Not without my Daughter), තුන්වෙනි බිරිඳ (Third Wife), පිලිකා වාට්ටුව (Cancer Word) වැනි ජනප්‍රිය පරිවර්තන ඇය විසින් ප්‍රකාශයට පත් කෘති අතර වෙයි.
මිය යන විට ඇය 82 වන වියෙහි පසුවුණා.
දේහය පිළිබඳ අවසන් කටයුතු ලබන 14 වන සඳුදා බොරැල්ල කනත්තේදී සවස 4.00ට සිදුකිරීමට නියමිතයි.


