අද (10) අලුයම වන්දනා නඩයක් රැගත් බස් රථයක් අනතුරකට ලක්ව තිබෙනවා.
මෙලෙස අනතුරට පත්ව ඇත්තේ පෞද්ගලික බස් රථයකි.
බස් රථය අඹන්පොළදී මාර්ගයේ නවතා තිබූ කන්ටේනර් රථයක ගැටී ඇත.
මෙම අනතුරින් පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පතව ඇති අතර තවත් 29 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර ඇති ව වාර්තා වෙනවා.
අනතුරින් මියගොස් ඇත්තේ වයස අවුරුදු 32 හා 71 වයස්වල පසුවූ තලාව ප්‍රදේශයේ පදිංචි පුද්ගලයින් දෙදෙනෙකි.
කාන්තාවන් 06ක් හා පිරිමි පුද්ගලයෙකු අඹන්පොළ රෝහලටත්, කාන්තාවන් 18 දෙනෙකු හා පිරිමි 04 දෙනෙකු ගල්ගමුව රෝහලටත් ඇතුළත් කර ඇත.


