Sunday, July 26, 2026
Homeක්‍රීඩාකැන්ඩි - ප්‍රබල ජැෆ්නා කිංග්ස් පරාජය කරයි..

කැන්ඩි – ප්‍රබල ජැෆ්නා කිංග්ස් පරාජය කරයි..

LPL තරගාවලියේ තවත් තරගයක් බී ලව් කැන්ඩි කණ්ඩායම සහ ජැෆ්නා කිංග්ස් අතර අද (12) පැවැත්වුණා.

එම තරගය කඩුලු 08කින් ජය ගැනීමට වනිඳු හසරංග ප්‍රමුඛ බී – ලව් කැන්ඩි කණ්ඩායම සමත්වුණා.

තරගයේ කාසිය වාසිය දිනා ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් කැන්ඩි කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 08 ක් දැවී ලකුණු 178ක් රැස් කළා.

මොහොමඩ් හරිස් ලකුණු 81 ක් පන්දු 51කින් රැස් කළා. ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 22යි.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ජැෆ්නා කණ්ඩායම නියමිත පන්දුවාර විස්ස අවසානයේ කඩුලු 06ක් දැවී රැස් කළේ ලකුණු 170ක් පමණයි.

පන්දු යැවීමේදී ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 10කට කඩුලු 03ක් බිඳදැමුවා.

නුවන් ප්‍රදීප් කඩුලු 02ක් දවා ගත්තා.

READ:   විදේශගත ශ්‍රමිකයින් එවූ ප්‍රේෂණ ප්‍රමාණය ඩොලර් බිලියන 10 ඉක්මවයි
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්