බණ්ඩාරවෙලින් රටම ගොඩදාන්න පුලුවන් තුන්දෙනෙක් හඳුනාගත් බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කරනවා.
ඒ සිය නිල මුහුණු පොත ගිණුමේ සටහනක් තබමින්.
“බණ්ඩාරවෙලින් මුලු රටේම ආර්ථිකය ගොඩ දාන්න හැකියාවක් තිබෙන තුන් දෙනෙක් මට හමු වුනා.”
“එක්කෙනෙක් තමයි කහත්තේවෙල මංජු තරුණයා. ඔහු නිර්මාණය කළ කහත්තේවෙල ජනතා ගොවි සමාගම ගැන මම ඉතාලියේ කෘෂිකර්ම ඇමතිවරයාටත් කිව්වා. මංජු අද මුලු රටටම විතරක් නොව රටවල් ගණනාවකට අපේ එලවළු යවනවා. කහත්තේවෙල අර්තාපල් තීරු සැකසීමේ කර්මාන්ත ශාලාව හදපු ඔහු අද මට මොසරැල්ලා චීස් හදන යෝජනාවත් කළා.”
“අනික් කෙනා තමයි මම අද හඳුනාගත් ඌව පරණගම බන්ඩාර. අපේ රටේ කාටවත් හදන්න බැරි වුන රසවත් මිදි ප්‍රභේදයක් ඔහුම හඳුනාගෙන තිබෙනවා. අපේ රටම ආපසු හරවන්න ඔහුට පුලුවන්. අපි හැමෝම බන්ඩාරට සහයෝගය දිය යුතුයි.”
“අනිත් කෙනා තමයි පාලිත. ඔහු හඳුන්වා දී ඇති විශිෂ්ට තක්කාලි ප්‍රභේදය අස්වනු අවසානයක් නෑ. දීර්ඝ කාලයක් අස්වනු නෙළන්න පුළුවන්. ඒවා කාලයක් තියාගන්නත් පුලුවන්. පාලිත තක්කාලි බද්ධ කරන්නේ ඕස්ට්‍රේලියාවෙන් ගෙන්වන ලද ක්ලිප් එකක් යොදා ගනිමින්.”
“මට හමුවූ මේ තුන්දෙනාට අපි හැමෝම උදව් කළොත් ඔවුන් මුළු රටම ගොඩ දාන බව මට විශ්වාසයි.”


