Thursday, July 23, 2026
Homeදේශීයචිත්‍රපට, වේදිකා නාට්‍ය සහ සංගීත ප්‍රසංග ප්‍රදර්ශන බලපත්‍ර ගාස්තු ඉහළට..

චිත්‍රපට, වේදිකා නාට්‍ය සහ සංගීත ප්‍රසංග ප්‍රදර්ශන බලපත්‍ර ගාස්තු ඉහළට..

මෙරට තුළ චිත්‍රපට, වේදිකා නාට්‍ය සහ සංගීත හා ප්‍රාසාංගික දර්ශන පැවැත්වීම සඳහා අදාළ බලපත්‍ර ගාස්තු ඉහළ නංවමින් අතිවි⁣ශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ, ජනමාධ්‍ය අමාත්‍යවරයාගේ අත්සනින්.

ඒ අනුව මෙරට තුළ පූර්ව ප්‍රචාරක පටය ද සහිතව විදේශීය චිත්‍රපටයක් ප්‍රදර්ශනය කිරීම සඳහා බලපත්‍රයක් ලබා ගැනීමට අදාළ සංශෝධිත ගාස්තුව, රුපියල් 40,000ක්.

පූර්ව ප්‍රචාරක පටය ද සහිතව දේශීය චිත්‍රපටයක් ප්‍රදර්ශනය කිරීම සඳහා අදාළ නව බලපත්‍ර ගාස්තුව දැක්වෙන්නේ රුපියල් 15,000ක් ලෙසයි.

ඉහත කාර්යන් සඳහා සිනමා ශාලා පහසුකම් සපයා ගැනීම සඳහා ද රුපියල් 37,500ක බලපත්‍ර ගාස්තුවක් ගෙවිය යුතුයි.

දීර්ඝ වේදිකා නාට්‍යයක් සඳහා රුපියල් 1500 ක බලපත්‍ර ගාස්තුවක් ගෙවිය යුතු බව ගැසට් නිවේදනයේ දැක්වෙනවා.

දේශීය කලාකරුවන් සහභාගි වන එළිමහන් සංදර්ශනයක් සඳහා සංශෝධිත බලපත්‍ර ගාස්තුව රුපියල් 3750ක්.

දේශීය කලාකරුවන් සහභාගි වන ශාලාවක් තුළ සංදර්ශනයක් සඳහා නව බලපත්‍ර ගාස්තුව රුපියල් 3000ක්.

රූපවාහිනි නාලිකා මගින් සෘජුව සංවිධානය කරන සංගීත හා ප්‍රාසාංගික සංදර්ශන සඳහා නව බලපත්‍ර ගාස්තුව සටහන් වන්නේ රුපියල් 37,500ක් ලෙසයි.

READ:   BREAKING NEWS: ඔන්ලයින් පනත සම්බන්ධ පාර්ලිමේන්තු කටයුතු අත්හිටුවයි - පක්ෂ නායක රැස්වීමක්
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්