දේශීය

වගා හානි තක්සේරු කිරීම ඇරඹේ..

මෙවර යල කන්නයේ දී සිදුවී ඇති වගා හානිවීම් තක්සේරු කිරීමේ කටයුතු වහාම අරඹන ලෙස කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලයට උපදෙස් දී තිබෙනවා.

ඊයේ (10) කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලයේ පැවැති සාකච්ඡාවක දී එම උපදෙස් ලබා දී ඇත.

ඒ අනුව මේ වනවිට කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය විසින් සෑම දිස්ත්‍රික්කයක්ම ආවරණය වන පරිදි වහා හානි තක්සේරු කිරීම් ආරම්භ කර තිබේ.

යල කන්නයේ පවතින දැඩි නියඟය හේතුවෙන් දිස්ත්‍රික්ක කිහිපයක වගා හානි සිදුවී ඇතත් දැනට සිදු කර තිබෙන තක්සේරු කිරීම් අනුව වැඩිම වගා හානි සිදුවීම් වාර්තා වන්නේ කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් බව කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලයේ සභාපති ඩබ්. එම්. එම්. බී. වීරසේකර මහතා සඳහන් කරනවා.

මේ සම්බන්ධව සවිස්තරාත්මක වාර්තාවක් ඉදිරි සතිය තුළ කෘෂිකර්ම අමාත්‍වරයාටය ලබා දීමට ද නියමිත බව සඳහන්.

කෙසේ වුව ද මෙතෙක් කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය විසින් වගා හානි සඳහා ගෙවා ඇති වැඩිම මුදල් ප්‍රමාණය මෙවර යල කන්නය සඳහා ගෙවීමට රජයට සිදුවනු ඇති බව පවසා ඇති කෘෂිකර්ම අමාත්‍යවරයා එම මුදල් ප්‍රමාණය කෙතෙක් ද යන්න සිතාගැනීමටවත් නොහැකි වනු ඇති බවයි ප්‍රකාශ කර ඇත්තේ.

වගාහානි වන්දි ගෙවීමේ දී පූර්ණ හානි, මධ්‍යම හානි සහ සුළු හානි වශයෙන් අංශ තුනක් යටතේ වන්දි ලබා දීමට කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය කටයුතු කරයි.

පසුගිය වසරේ මෙම මණ්ඩලය විසින් වගා හානි සඳහා ගෙවා ඇති මුදල රුපියල් මිලියන 1700ක් පමණ වෙනවා.

Recent Posts

ඉදිරිදින කිහිපයේ දී දිවයිනේ නිරිතදිග ප්‍රදේශයේ වැසි තත්ත්වයේ වැඩි වීමක්

තවදුරටත් බෙංගාල බොක්කේ නැගෙනහිර-මධ්‍යම සහ ඊට යාබද ගිනිකොණදිග මුහුදු ප්‍රදේශයේ පැවති පීඩන අවපාතය, ගැඹුරු පීඩන…

17 hours ago

ජලාශ ජල මට්ටම් ඉහළ ගියද ගංවතුර තත්ත්වයක් නැහැ – වාරිමාර්ග දෙපාර්තමේන්තුව

පවතින වර්ෂාපතනය හේතුවෙන් දිවයිනේ ජලාශ රැසක ජල මට්ටම් ඉහළ ගොස් ඇතත්, මෙතෙක් ගංවතුර තත්ත්වයක් වාර්තා…

18 hours ago

Protest in Los Angeles Demands Justice for Sri Lankan Garment Worker Pushpalatha

Labour rights activists raise concerns over the death of a Brandix worker during a protest…

6 days ago

ලොස් ඇන්ජලීස්හිදී ශ්‍රී ලාංකික ඇඟලුම් සේවිකාවකට යුක්තිය ඉල්ලා විරෝධතාවක්

Victoria’s Secret විලාසිතා දැක්ම අතරතුර පුෂ්පලතාගේ මරණය ගැන අවධානය යොමු කරයි ඇමරිකාවේ ලොස් ඇන්ජලීස් නුවර…

6 days ago

දිවයින පුරා බිඳ වැටුණු විදුලිය යථා තත්ත්වයට

දේශීය පුවත්නවතම පුවත් කියවීමට මිනිත්තු 1 බෙදාගන්න දිවයින පුරා සිදුවු විදුලි බිඳ වැටීම් යථා තත්ත්වයට…

1 week ago