Monday, July 27, 2026
Homeදේශීයවී මිලදී ගැනීමේ ගැටලු වලට ඉක්මනින් පියවර ගන්නවාලු - කෘෂිකර්ම ඇමති

වී මිලදී ගැනීමේ ගැටලු වලට ඉක්මනින් පියවර ගන්නවාලු – කෘෂිකර්ම ඇමති

ගොවීන්ගෙන් වී මිලදී ගැනීමේදී මතුව ඇති ගැටලු විසදීමට කඩිනමින් පියවර ගන්නා බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා.

පසුගිය දා පාර්ලිමේන්තුවේ පැවති කෘෂිකර්ම කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභා රැස්වීමේදී වී මිලදී ගැනීම සම්බන්ධයෙන් මන්ත්‍රීවරුන් නැගූ ගැටලුවලට පිළිතුරු දෙමින් ඇමතිවරයා මේ බව පැවසුවා.

වී මිලදී ගැනීම සඳහා වී අලෙවි මණ්ඩලයට ප්‍රමාණවත් මුදල් වෙන්කර ඇති බැවින් මහා භාණ්ඩාගාරයෙන් ලැබුණු මුදල්වලින් වී යම් ප්‍රමාණයක් මිලදී ගෙන ඇති බව ඇමතිවරයා සඳහන් කර තිබෙනවා.

මෙම තත්ත්වය තුළ ගොවීන්ට අපේක්ෂිත මිල නොලැබීම නිසා වී අලෙවී කිරීමට උනන්දු නොවන බවයි ඇමතිවරයා සඳහන් කළේ.

READ:   පුරන් කුඹුරු අස්වද්දන්න කැමති අයට රජයෙන් ආධාර
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්