file
ලෝක ආදිවාසි දිනය නිමිත්තෙන් සංවිධානය කෙරුණු ආදිවාසී දින සැමරුම් උත්සවය, දඹාන කොටබකිනිය, මොරබැද්ද ගම්මානයේදී ඊයේ (09) පැවැත්වුණා.
“ආදිවාසී සංස්කෘතියේ වෙනස්වීම් පිළිබඳ තීරණ ගැනීමට, ආදිවාසී තරුණ තරුණියන් නියෝජිතයින් ලෙස හදුනාගැනීම” යන්න තේමා කරගත් මෙවර ආදිවාසී දින සැමරුම, බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විය.
හිටපු ආදිවාසී නායක ඌරුවරිගයේ තිසාහාමිලා ඇත්තන්ගේ පිළිරුවට පුෂ්පෝපහාර දැක්වීමෙන් අනතුරුව උත්සවය ආරම්භ විය. ආදිවාසි නායක විශ්වකීර්ති වනස්පති ඌරුවරිගේ වන්නිල ඇත්තන් සමඟ නිල්ගල, රතුගල, පොල්ලෙබැද්ද, දඹාන, හේනානිගල, වාකරේ යන ආදිවාසි ගම්මානවල නායක ඇත්තන් ඇතුලු ආදිවාසීන් පිරිසක් මෙම අවස්ථාවට සහභාගි වූ අතර ආදිවාසීන්ට උරුම වූ විවිධ සංස්කෘතිකාංග වලින් උත්සවය අලංකාරවත් විය.
ආදිවාසී දිනයට සමගාමීව ඊයේ රාත්‍රියේ පැවති ආදිවාසීන්ගේ වරිග සභාවේදී ගනු ලැබූ තීන්දු තීරණ සහ යෝජනා ඇතුලත් සංදේශය, ආදිවාසි නායක ඌරුවරිගේ වන්නිල ඇත්තන් විසින් විදුර වික්‍රමනායක මහතා වෙත සහ බදුල්ල දිස්ත්‍රික් ලේකම් ප්‍රභාත් අබේවර්ධන මහතා වෙත පිළිගැන්වීමද මෙහිදී සිදු වුණා.
Labour rights activists raise concerns over the death of a Brandix worker during a protest…
Victoria’s Secret විලාසිතා දැක්ම අතරතුර පුෂ්පලතාගේ මරණය ගැන අවධානය යොමු කරයි ඇමරිකාවේ ලොස් ඇන්ජලීස් නුවර…
Sri Lankan Environment Minister responding to questions about the Kavanthissa elephant death
දේශීය පුවත්නවතම පුවත් කියවීමට මිනිත්තු 1 බෙදාගන්න දිවයින පුරා සිදුවු විදුලි බිඳ වැටීම් යථා තත්ත්වයට…
මෙරට වාසය කළ විශාලතම මෙන්ම උසම හස්තියා ලෙස සැලකුණු, අතිශය ජනාදරයට පත් ‘කාවන්තිස්ස’ හස්තිරාජයා ජීවිතක්ෂයට…