දේශීය

ඕස්ට්‍රේලියාවේ පාර්ලිමේන්තුව නියෝජනය කරන පළමු ශ්‍රී ලාංකික කාන්තාව කථානායකවරයා හමුවෙයි..

ශ්‍රී ලාංකේය සම්භවයක් සහිත ඕස්ට්‍රේලියානු ෆෙඩරල් පාර්ලිමේන්තු මන්ත්‍රී කැසෙන්ඩ්‍රා ප්‍රනාන්දු කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පසුගියදා හමුවී තිබෙනවා.

එහිදී කථානායකවරයා කැසෙන්ඩ්‍රා ප්‍රනාන්දු මෙනවියගේ දේශපාලන දිවිය පිළිබඳ සිය සතුට සතුට පළ කර ඇත.

දෙරටේ පාර්ලිමේන්තු ක්‍රමයන් පිළිබඳව මෙහිදී අදහස් හුවමාරු කර ගෙන ඇති අතර ප්‍රජාතන්ත්‍රවාදය සුරක්ෂිත කිරීමේ යහ භාවිතයන් දිරිමත් කිරිම පිළිබඳවද දිර්ඝ වශයෙන් සාකච්ඡා කර තිබේ.

කැසෙන්ඩ්‍රා ප්‍රනාන්දු 1987 දී ශ්‍රී ලංකාවේදී උපත ලබා පසුව 1999දී ඕස්ට්‍රේලියාව වෙත සංක්‍රමනය වී තිබෙනවා.

ඇය ඕස්ට්‍රේලියානු කම්කරු පක්ෂය වෙනුවෙන් වික්ටෝරියා ප්‍රාන්තයේ “හෝල්ට් ” ඡන්ද කොට්ඨාශය නියෝජනය කරමින් 2022 ෆෙඩරල් මැතිවරණයෙන් පාර්ලිමේන්තුවට තේරී පත් වී තිබෙනවා.

ඇය ඕස්ට්‍රේලියානු පාර්ලිමේන්තුව නියෝජනය කරන පළමු ශ්‍රී ලාංකික සම්භවයක් සහිත දේශපාලන නියොජිතයා ද වෙනවා.

ඇය දේශපාලනයට පිවිසීමට පෙර ඕස්ට්‍රේලියානු බහුජාතික මූල්‍ය සමාගමක් වන වූල් වර්ත්ස් සමාගමේ සූපවේදිනියක ලෙස වසර 15ක් පමණ සේවය කොට තිබේ.

කැසෙන්ඩ්‍රා ප්‍රනාන්දු මෙනවිය වෙනුවෙන් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ විශේෂ චාරිකාවක්ද සංවිධානය කොට ඇත.

Recent Posts

ඉදිරිදින කිහිපයේ දී දිවයිනේ නිරිතදිග ප්‍රදේශයේ වැසි තත්ත්වයේ වැඩි වීමක්

තවදුරටත් බෙංගාල බොක්කේ නැගෙනහිර-මධ්‍යම සහ ඊට යාබද ගිනිකොණදිග මුහුදු ප්‍රදේශයේ පැවති පීඩන අවපාතය, ගැඹුරු පීඩන…

12 hours ago

ජලාශ ජල මට්ටම් ඉහළ ගියද ගංවතුර තත්ත්වයක් නැහැ – වාරිමාර්ග දෙපාර්තමේන්තුව

පවතින වර්ෂාපතනය හේතුවෙන් දිවයිනේ ජලාශ රැසක ජල මට්ටම් ඉහළ ගොස් ඇතත්, මෙතෙක් ගංවතුර තත්ත්වයක් වාර්තා…

12 hours ago

Protest in Los Angeles Demands Justice for Sri Lankan Garment Worker Pushpalatha

Labour rights activists raise concerns over the death of a Brandix worker during a protest…

5 days ago

ලොස් ඇන්ජලීස්හිදී ශ්‍රී ලාංකික ඇඟලුම් සේවිකාවකට යුක්තිය ඉල්ලා විරෝධතාවක්

Victoria’s Secret විලාසිතා දැක්ම අතරතුර පුෂ්පලතාගේ මරණය ගැන අවධානය යොමු කරයි ඇමරිකාවේ ලොස් ඇන්ජලීස් නුවර…

5 days ago

දිවයින පුරා බිඳ වැටුණු විදුලිය යථා තත්ත්වයට

දේශීය පුවත්නවතම පුවත් කියවීමට මිනිත්තු 1 බෙදාගන්න දිවයින පුරා සිදුවු විදුලි බිඳ වැටීම් යථා තත්ත්වයට…

1 week ago