file
ශ්‍රී ලාංකේය සම්භවයක් සහිත ඕස්ට්‍රේලියානු ෆෙඩරල් පාර්ලිමේන්තු මන්ත්‍රී කැසෙන්ඩ්‍රා ප්‍රනාන්දු කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පසුගියදා හමුවී තිබෙනවා.
එහිදී කථානායකවරයා කැසෙන්ඩ්‍රා ප්‍රනාන්දු මෙනවියගේ දේශපාලන දිවිය පිළිබඳ සිය සතුට සතුට පළ කර ඇත.
දෙරටේ පාර්ලිමේන්තු ක්‍රමයන් පිළිබඳව මෙහිදී අදහස් හුවමාරු කර ගෙන ඇති අතර ප්‍රජාතන්ත්‍රවාදය සුරක්ෂිත කිරීමේ යහ භාවිතයන් දිරිමත් කිරිම පිළිබඳවද දිර්ඝ වශයෙන් සාකච්ඡා කර තිබේ.
කැසෙන්ඩ්‍රා ප්‍රනාන්දු 1987 දී ශ්‍රී ලංකාවේදී උපත ලබා පසුව 1999දී ඕස්ට්‍රේලියාව වෙත සංක්‍රමනය වී තිබෙනවා.
ඇය ඕස්ට්‍රේලියානු කම්කරු පක්ෂය වෙනුවෙන් වික්ටෝරියා ප්‍රාන්තයේ “හෝල්ට් ” ඡන්ද කොට්ඨාශය නියෝජනය කරමින් 2022 ෆෙඩරල් මැතිවරණයෙන් පාර්ලිමේන්තුවට තේරී පත් වී තිබෙනවා.
ඇය ඕස්ට්‍රේලියානු පාර්ලිමේන්තුව නියෝජනය කරන පළමු ශ්‍රී ලාංකික සම්භවයක් සහිත දේශපාලන නියොජිතයා ද වෙනවා.
ඇය දේශපාලනයට පිවිසීමට පෙර ඕස්ට්‍රේලියානු බහුජාතික මූල්‍ය සමාගමක් වන වූල් වර්ත්ස් සමාගමේ සූපවේදිනියක ලෙස වසර 15ක් පමණ සේවය කොට තිබේ.
කැසෙන්ඩ්‍රා ප්‍රනාන්දු මෙනවිය වෙනුවෙන් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ විශේෂ චාරිකාවක්ද සංවිධානය කොට ඇත.
COLOMBO – දකුණු ආසියානු මාධ්‍යයේ කාන්තාවෝ -ශ්‍රී ලංකා (SAWM-SL) විසින් ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය…
Sharika Thiranagama යනු යුද්ධය, අවතැන්වීම, මතකය, අනන්‍යතාව සහ “නිවස” පිළිබඳ මිනිස් අත්දැකීම් අධ්‍යයනය කරන ප්‍රකට…
ශ්‍රී ලංකාවට අභිනවයෙන් පත්වූ චීන තානාපති වෙයි හුආෂියැන්ග් (Wei Huaxiang) මහතා සහ ජනතා විමුක්ති පෙරමුණේ…
නැගෙනහිර බහලුම් පර්යන්තයේ දෙවැනි අදියරේ සංවර්ධන වැඩකටයුතු ගැන විෂමතා අඩුපාඩු ගණනාවක් ඇති බවට එහි සේවය…
චමීර ඇල්ලදෙණිය ශ්‍රී ලංකාවට පමණක් ආවේණික වූ තැඹිලි වගාව ජාත්‍යන්තර මට්ටමට ඔසවා තබමින්, රටේ අපනයන…