file
මෙරට ඩිජිටල්කරණයේ මූලික අඩිතාලම ලෙස ක්‍රියාත්මක ශ්‍රී ලංකා අනන්‍ය ඩිජිටල් ජාතික හැඳුනුම්පත් ව්‍යාපෘතිය (Sri Lanka Unique Digital Identity (SL-UDI) කඩිනමින් ක්‍රියාත්මක කිරීමට ඒ සඳහා පත්කර ඇති ඉන්දු – ශ්‍රී ලංකා ව්‍යාපෘති අධීක්ෂණ කමිටුව තීරණය කර තිබෙනවා.
තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය කනක හේරත්, ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සාගල රත්නායක, ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බාග්ලේ යන මහත්වරුන්ගෙන් සමන්විත මෙම අධීක්ෂණ කමිටුව ඊයේ (04) ජනාධිපති කාර්යාලයේ දී රැස්වූ අවස්ථාවේ දී මේ පිළිබඳව දීර්ඝ ලෙස සාකච්ඡා කර ඇත.
මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට අදාළ ටෙන්ඩර් මේ වන විට ලැබී ඇති බවත්, නිසි කාලරාමුවකට අනුව එය සමාලෝචනය කෙරෙමින් පවතින බවත් මෙහිදී සඳහන් කර තිබේ.
ඒ අනුව ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා අත්තිකාරම් ගාස්තු ලෙස ව්‍යාපෘතියේ ඇස්තමේන්තු ගත මුළු මුදලින් 15%ක් එනම් ඉන්දීය රුපියල් මිලියන 450ක වටිනාකමකින් යුත් චෙක් පතක් මෙහිදී ඉන්දීය මහ කොමසාරිස්වරයා විසින් තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මහතා වෙත භාර දීම සිදුකර ඇත.
ඉන්දු – ශ්‍රී ලංකා සහයෝගය මත මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක යි.
මාගේ හෘදයාංගම ස්තුතීය ආදරෙන් බාරගන්න… අනුරාධපුර ජනසටන මහරැලියට නාමල් රාජපක්ෂ මහතා විසින් යැවූ සම්පූර්ණ පණිවිඩය…
2026 අයවැය යෝජනා අනුව ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක නගර සංවර්ධනයට නව…
මහියංගනය වියානා ඇළ මාර්ගය මත සූර්ය පැනල සවිකර විදුලිය ජනනය කිරීමේ ශ්‍රී ලංකාවේ ප්‍රථම Canal-Top…
පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන්…
කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ…
COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…