Tuesday, September 15, 2026
Homeදේශීයජාතික හැඳුනුම්පත ඩිජිටල් වෙයි..

ජාතික හැඳුනුම්පත ඩිජිටල් වෙයි..

මෙරට ඩිජිටල්කරණයේ මූලික අඩිතාලම ලෙස ක්‍රියාත්මක ශ්‍රී ලංකා අනන්‍ය ඩිජිටල් ජාතික හැඳුනුම්පත් ව්‍යාපෘතිය (Sri Lanka Unique Digital Identity (SL-UDI) කඩිනමින් ක්‍රියාත්මක කිරීමට ඒ සඳහා පත්කර ඇති ඉන්දු – ශ්‍රී ලංකා ව්‍යාපෘති අධීක්ෂණ කමිටුව තීරණය කර තිබෙනවා.

file

තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය කනක හේරත්, ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සාගල රත්නායක, ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බාග්ලේ යන මහත්වරුන්ගෙන් සමන්විත මෙම අධීක්ෂණ කමිටුව ඊයේ (04) ජනාධිපති කාර්යාලයේ දී රැස්වූ අවස්ථාවේ දී මේ පිළිබඳව දීර්ඝ ලෙස සාකච්ඡා කර ඇත.

මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට අදාළ ටෙන්ඩර් මේ වන විට ලැබී ඇති බවත්, නිසි කාලරාමුවකට අනුව එය සමාලෝචනය කෙරෙමින් පවතින බවත් මෙහිදී සඳහන් කර තිබේ.

ඒ අනුව ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා අත්තිකාරම් ගාස්තු ලෙස ව්‍යාපෘතියේ ඇස්තමේන්තු ගත මුළු මුදලින් 15%ක් එනම් ඉන්දීය රුපියල් මිලියන 450ක වටිනාකමකින් යුත් චෙක් පතක් මෙහිදී ඉන්දීය මහ කොමසාරිස්වරයා විසින් තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මහතා වෙත භාර දීම සිදුකර ඇත.

ඉන්දු – ශ්‍රී ලංකා සහයෝගය මත මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක යි.

READ:   අනුර කුමාර අමු ගවයා..!! ඕකුන්ට බේරේ වැවේ දාලා ගහන දවස වැඩි ඈතක නෑ!! -තණ කොළ එල්ලූ එකට ප්‍රසන්නට තදවෙයි
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්