Wednesday, July 22, 2026
Homeදේශීයඅනාරක්ෂිත ළිඳකට වැටී සිව් හැවිරිදි දරුවෙක් මියයයි

අනාරක්ෂිත ළිඳකට වැටී සිව් හැවිරිදි දරුවෙක් මියයයි

වාරියපොල, මිදියාල බණ්ඩාරකොස්වත්ත ප්‍රදේශයේ නිවසක් ආසන්නයේ කපා තිබූ ජලය පිරීතිබූ අනාරක්ෂිත ළිඳකට වැටී කුඩා දරුවෙක් මියගොස් තිබෙනවා.

ඊයේ (26) උදෑසන නිවස ආසන්නයේ දරුවා සෙල්ලම් කර සිට ඇති අතර පසුපස තිබූ අඩි 02ක් පමණ උසට බැඳ ඇති අනාරක්ෂිත, ජලය පිරී ඇති ළිඳට වැටී දරුවා මියගොස් ඇති බව අනාවරණය වී තිබේ.

මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 04ක් වූ මිදියාල, බණ්ඩාර කොස්වත්ත ප්‍රදේශයේ පිරිමි දරුවෙකි.

සිද්ධිය සම්බන්ධයෙන් වාරියපොල පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

READ:   දයාසිරි කියන්නේ බොරුවක්! දුමින්දගෙන් නිවේදනයක්
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්