Saturday, June 6, 2026
Homeදේශීයපහරදීමකින් තවත් පුද්ගලයෙකු මරුට..

පහරදීමකින් තවත් පුද්ගලයෙකු මරුට..

දේවාලේගම පොලිස් වසමේ බෝකොළමුල්ල ප්‍රදේශයේ දී පහරදීමක් හේතුවෙන් කෑගල්ල රෝහලට ඇතුළත් කළ පුද්ගලයෙකු මියගොස් තිබෙනවා.

ඊයේ (26) අලුයම සිදුවූ මෙම පහරදීමෙන් මියගොස් ඇත්තේ වයස අවුරුදු 27 ක් වන ජීවානාදෙනිය,දේවාලේගම ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

මියගිය පුද්ගලයා 26 වනදා අලුයම 03.00ට පමණ අවමංගල්‍ය උත්සවයට සහභාගී වී නැවත නිවසට එමින් සිටියදී පහරදීම සිදුව ඇති බවට අනාවරණය වී තිබේ.

සැකකරු සහ අදාළ පුද්ගලයා අතර දිගු කලක සිට පැවති ආරවුලක් මත පහරදීමට සිදුකර ඇති බව පොලිසිය පවසනවා.

සිද්ධිය සම්බන්ධයෙන් වයස අවුරුදු 41 වන බෝකොළමුල්ල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරු ද තුවාල ලබා කෑගල්ල රෝහලේ බන්ධනාගාර නිලධාරින් භාරයේ ප්‍රතිකාර ලබන බව සඳහන් වෙනවා.

දේවාලේගම පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

READ:   කොළඹට විශේෂ ආරක්ෂාවක් යොදවයි
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්