Wednesday, September 9, 2026
Homeක්‍රීඩාදැඩි කොන්දේසි මත FIFA වෙතින් ශ්‍රී ලංකාවට අවස්ථාවක්

දැඩි කොන්දේසි මත FIFA වෙතින් ශ්‍රී ලංකාවට අවස්ථාවක්

ලෝක කුසලාන පාපන්දු තරගායලියට අදාළ ආසියානු කලාපයේ සුදුසුකම් ලැබීමේ තරග සඳහා ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායමට ක්‍රීඩා කිරීමට අවසර හිමිව තිබෙනවා.

ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය නිවේදනය කළේ, කොන්දේසි සහිතව ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය සහ ආසියානු පාපන්දු සම්මේලනය විසින් මෙම අවසරය ලබාදුන් බවයි.

FIFA ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරග 2023 ඔක්තෝම්බර් 12 සහ 17 යන දිනවල පැවැත්වෙනවා.

ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය මෙම ලෝක කුසලාන තරගයට අවම වශයෙන් දින 10කට පෙර සිය නිලවරණය පැවැත්වීම අත්‍යවශ්‍ය වන බව සඳහන්.

එසේ නොවුවහොත් ශ්‍රී ලංකාවට සුදුසුකම් ලැබීමේ තරග සඳහා ක්‍රීඩා කිරීමට ඉඩ ලබා නොදෙනු ඇති බවද වාර්තා වෙයි.

READ:   ඩීසල් මිල අඩු වූවත් බස් ගාස්තුවේ වෙනසක් නෑ
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්