රාජ්‍ය ආයතනවල ගෙවීම් කටයුතු අන්තර්ජාලය හරහා සිදුකිරීමට නියමු ව්‍යාපෘතියක් ඔක්තොම්බර් මාසයේ සිට ආරම්භ කිරීමට නියමිත බව තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මහතා පවසා තිබෙනවා.
රාජ්‍යාතනවල ගෙවිම් කටයුතු අන්තර්ජාලය(Online payments ) ඔස්සේ සිදුකිරීම පිළිබඳ පද්ධතිය(System) සකස් කිරීමේ ප්‍රගතිය විමසා බැලිමේ සාකච්ඡාවක් තාක්ෂණ රාජ්‍ය අමාත්‍යාංශයේදී රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මහතාගේ සහභාගීත්වයෙන් පවත්වා ඇත.
එහි මූලාරම්භය නියමු ව්‍යාපෘතියක් ලෙස තෝරාගත් රාජ්‍ය ආයතන කිහිපයක මෙම වසර ඔක්තෝබර් මස වනවිට ආරම්භ කිරීමට නියමිතයි.
ඒ සඳහා අමාත්‍යාංශ ලේකම් මහාචාර්ය නේරංජන් ගුණවර්ධන මහතා,Lankapay ආයතනය, තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිත ආයතනය(ICTA), මහා බැංකුව සහ වාණිජ බැංකු නිලධාරීන් පිරිසක් එක්ව සාකච්ඡා කළ බව වාර්තා වෙනවා.


