පාන් රාත්තලක මිල සහ බර සටහන් කිරීම අනිවාර්ය කර තිබෙන බව වෙළඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු පවසනවා.
වෙළඳ අමාත්‍යවරයා සඳහන් කළේ පාන් ආඥා පනත අවලංගු කිරිමත් සමග මෙම තිරණය ගත් බවයි.
ඒ අනුව අඩු බර සහිත පාන් වැටලීම සඳහා මිනුම් හා ප්‍රමිති සේවා දෙපාර්තමේන්තුවට සහ පාරිභෝගික කටයුතු අධිකාරියට බලය පවරා ඇතැයි අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළා.