Friday, April 24, 2026
Homeදේශීයඅද සිට ඕනෑම බැංකු කාර්ඩ් පතකින් කිසිම ගාස්තුවකින් තොරව ATM යන්ත්‍රවලින් මුදල්...

අද සිට ඕනෑම බැංකු කාර්ඩ් පතකින් කිසිම ගාස්තුවකින් තොරව ATM යන්ත්‍රවලින් මුදල් ලබා ගැනීමේ හැකියාව

පවතින තත්ත්වය මත මුදල් නෝට්ටු, කාසි මෙන්ම චෙක් පත් භාවිතය ද හැකිතාක් අවම කරන්නැයි ශ‍්‍රී ලංකා බැංකුකරුවන්ගේ සංගමය පවසනවා.

එහි සභාපති ලක්ෂ්මන් සිල්වා පැවසුවේ අන්තර්ජාල ගණුදෙනු හෝ කාඞ්පත් මඟින් සිදුකරන ගනුදෙනු වලට වඩාත් හුරු වීමට මෙය හොඳම කාලය බවයි.

තමාගේ ගිණුමක් නොමැති වුවද පවතින තත්ත්වය හමුවේ ඕනෑම බැංකුවකින් කිසිඳු බැංකු ගාස්තුවකින් තොරව කාඞ්පත් මඟින් ජනතාවට මුදල් ලබා ගැනීමට පහසුකම් සපයා ඇති බව ද ශ‍්‍රී ලංකා බැංකුකරුවන්ගේ සංගමයේ සභාපති ලක්ෂ්මන් සිල්වා පෙන්වා දුන්නා.

ගනුදෙනුකරුවන් භාවිත කරන ණය කඞ්පත් එනම් ක්‍රෙඩිට් කාඞ්පතේ උපරිම ණය සීමාව සම්පූර්ණයෙන්ම අවසන් වනතුරු එම කාඞ්පතෙන් ගණුදෙනු සිදුකීරීම නතර නොකීරීමටද බැංකු පද්ධතිය තීරණය කර තිබෙනවා.

පවතින කොරෝනා තත්ත්වය මත එම පියවර ද ගත් බවයි ශ‍්‍රී ලංකා බැංකුකරුවන්ගේ සංගමය කියා සිටියේ

siyaratanews.com

READ:   මීගහකිවුල බස් අනතුරින් කාන්තාවක් මරුට
Manoj Rathnayaka
Manoj Rathnayakahttps://www.lifetraveler.lk
Two-Time State Television Awards Winners 2021, Founder/Editor in Chief – The Life Traveler digital media network.
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්