file
පානදුර උතුර පොලිස් වසමේ දිග්ගල හන්දියේදී සිදුවූ පහරදීමක් හේතුවෙන්, පුද්ගලයෙකු පානදුර දකුණ මූලික රෝහලට ඇතුළත් කිරීමට ගෙනයාමේදී මියගොස් තිබෙනවා.
ඊයේ (24) රාත්‍රියේ මෙම පහරදීමෙන් මියගොස් ඇත්තේ වයස අවුරුදු 46ක් වූ තොටවත්ත, පානදුර ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
ත්‍රීරෝද රථගාලේ ආරවුලක් මත ඇතිවූ බහින්බස් වීමක් දුරදිග යාමෙන් මරණකරු සැකකරු වෙත තම ත්‍රී රෝද රථයේ පැති කන්නාඩියේ වීදුරුවකින් පහරදී ඇති බව අනාවරණය වී තිබෙනවා.
එම අවස්ථාවේ සැකකරු විසින් අතින් පයින් කළ පහරදීම හේතුවෙන් අදාළ පුද්ගලයා රෝහල් ගත කිරීමේදී මියගොස් ඇති බව පොලිසිය පවසනවා.
සිද්ධිය සම්බන්ධයෙන් වයස අවුරුදු 45ක් වන කෙසෙල්වත්ත, පානදුර ප්‍රදේශයේ සැකකරුවෙකු පොලිස් අත්අඩංගුවට ගෙන ඇත.
පානදුර පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදුකරයි.
COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…
ආසියාවේ තරුණ පරම්පරාව තුළ මෑත කාලීනව මතුවූ සමාජ හා දේශපාලන නැගිටීම් සහ ඒවා සඳහා සමාජ…
සුභාෂිණී සේනානායක, නිමල් රාජපක්ෂ පොදු ප්‍රවාහන සේවාවේ ප්‍රධාන භූමිකාවක් ඉටු කරන ලංගම තවදුරටත් ශක්තිමත් කිරීමට…
පුනර්ජනනීය බලශක්තියට තමා ඇතුළු සමගි ජන බලවේගය පක්ෂ බවත් ශ්‍රී ලංකාව උදෙසා යහපත් සුරක්ෂිත දැරිය…
ලෝක සෞඛ්‍ය සංවිධානයේ දකුණු-නැගෙනහිර ආසියානු කලාපීය කමිටුවේ 79 වන සැසිවාරය 2026 (Seventy-ninth Session of the…
COLOMBO – දකුණු ආසියානු මාධ්‍යයේ කාන්තාවෝ -ශ්‍රී ලංකා (SAWM-SL) විසින් ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය…