Friday, June 5, 2026
Homeදේශීයපහරදීමකින් පුද්ගලයෙකු මරුට

පහරදීමකින් පුද්ගලයෙකු මරුට

පානදුර උතුර පොලිස් වසමේ දිග්ගල හන්දියේදී සිදුවූ පහරදීමක් හේතුවෙන්, පුද්ගලයෙකු පානදුර දකුණ මූලික රෝහලට ඇතුළත් කිරීමට ගෙනයාමේදී මියගොස් තිබෙනවා.

ඊයේ (24) රාත්‍රියේ මෙම පහරදීමෙන් මියගොස් ඇත්තේ වයස අවුරුදු 46ක් වූ තොටවත්ත, පානදුර ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

ත්‍රීරෝද රථගාලේ ආරවුලක් මත ඇතිවූ බහින්බස් වීමක් දුරදිග යාමෙන් මරණකරු සැකකරු වෙත තම ත්‍රී රෝද රථයේ පැති කන්නාඩියේ වීදුරුවකින් පහරදී ඇති බව අනාවරණය වී තිබෙනවා.

එම අවස්ථාවේ සැකකරු විසින් අතින් පයින් කළ පහරදීම හේතුවෙන් අදාළ පුද්ගලයා රෝහල් ගත කිරීමේදී මියගොස් ඇති බව පොලිසිය පවසනවා.

සිද්ධිය සම්බන්ධයෙන් වයස අවුරුදු 45ක් වන කෙසෙල්වත්ත, පානදුර ප්‍රදේශයේ සැකකරුවෙකු පොලිස් අත්අඩංගුවට ගෙන ඇත.

පානදුර පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදුකරයි.

READ:   ‘එම්බාමින්’ ඩිග්‍රිය හිමි දකුණු ආසියාවේ ළාබාලම, එම්බාමර්
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්