Wednesday, September 9, 2026
Homeදේශීයබිත්තර පාලන මිල ඉවතට..

බිත්තර පාලන මිල ඉවතට..

බිත්තර සඳහා පනවා ඇති පාලන මිල අද (25) මධ්‍යම රාත්‍රියේ සිට ඉවත් කිරිමට තීරණය කර තිබෙනවා.

පාලන මිල ඉවත් කිරීමට කැබිනට් මණ්ඩල අනුමැතිය ද ලැබී තිබෙන බව පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය පවසනවා.

සුදු බිත්තරයක් සඳහා රුපියල් 44 ක් සහ දුඹුරු බිත්තරයක් සඳහා රුපියල් 46ක පාලන මිලක් නියම කර තිබුණා.

මේ අතර, ආනයනික බිත්තර සිල්ලර වෙළෙඳපොළට මුදා හැරීමට ද මේ වනවිට අවසර ලබා දී ඇති අතර ඒ තුළින් වෙළෙඳපොළ තුළ තරගකාරී මිලක් තීරණය වීමට ඉඩ හරින බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සඳහන් කළා.

READ:   ඒ පාර නාමලුත් ඉන්දියාවට
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්