Tuesday, September 8, 2026
Homeදේශීයබයික් අනතුරකින් 27 හැවිරිදි තරුණයෙක් මරුට

බයික් අනතුරකින් 27 හැවිරිදි තරුණයෙක් මරුට

මදුරාගොඩ පොලිස් වසමේ මාතලේ කුරුණෑගල මාර්ගයේ, තල්ගොඩ ප්‍රදේශයේ දී යතුරුපැදියක් අනතුරකට ලක්ව තිබෙනවා.

මාතලේ දෙස සිට තල්ගොඩපිටිය දෙසට ධාවනය වූ යතුරුපැදිය එම දිසාවටම ධාවනය වූ ලොරි රථයකට ඉස්සර කිරීමට යාමේදී ලොරි රථයේ ගැටීමෙන් අනතුර සිදුව ඇත.

ඊයේ (20) සවස සිදුවු මෙම අනතුරින් බරපතළ තුවාල ලැබූ යතුරුපැදිකරු හා එහි ගමන්ගත් අනෙක් පුද්ගලයා රිදීගම රෝහලට ඇතුළත් කිරීමේදී යතුරුපැදිකරු මියගිය බව පොලිසිය පවසනවා.

මියගිය පුද්ගලයා වයස අවුරුදු 27ක් වූ දොඩන්ගස්ලන්ද ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

අනතුර සම්බන්ධයෙන් ලොරි රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇත.

මාදුරාගොඩ පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

READ:   තිරිඟු පිටි මිල පහළට
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්